ගීත ලොවේ ළයාන්විතයා වූ කීර්ති පැස්කුවල් ගේ උපන් දිනය පසුගියදා යෙදී තිබුණා. ඒ
නිමිති කොට ගෙන කීර්ති අපූරු සමාජ සද්කාර්යයක් සිදුකළා. ඒ කෝට්ටේ පාගොඩ පාරේ ආනන්ද
බාලිකා ළමා නිවාසයේ නේවාසික මවුපියන් අහිමි දූදරුවන් සමඟ එක්ව සිය උපන් දිනය
සමරමින් ‘නිල් ආකාසේ’ ළමා ගීත ඇල්බමය එහි දී එළිදැක්වීමයි. මේ කටයුතු අතරේ සිදුවූ
තවත් එක් අපූරු සිදුවීමක් ගැන අපිට දැනගන්නට ලැබුණා.

ඒ ඇරියුම පිළිගෙන කීර්ති නිහාල්ගේ මෝටර් රථය වෙත ගියා. ඒ තුළ රුපියල් විසිදහසක් පමණ
වටිනා කරවල, සහල්, එළවුළු, තුනපහ ආදිය පිරී තිබුණා. මේවා දැකපු කීර්තිට කාරණය
වැටහුණා. ‘මේ හැමදේම ගෙනාවෙ ළමා නිවාසයේ දරුවන් වෙනුවෙන්’. ඒ අයට. නිහාල් පැවසුවා.
නිහාල් සිදු කළ ඒ උතුම් කාර්යය නිසා කීර්තිගේ උපන්දින සැමරුම තවත් අර්ථවත් වුණා.
අපි මේ සිදුවීම වාර්තා කළේ වර්තමානයේ උපන්දින වෙනුවෙන් සුපිරි හෝටල්වල සාද
පවත්වමින් හුදෙක් හිස් විනෝදයක් හා හිස් ජනප්‍රියත්වයක් ලබාගන්නට වෙහෙසෙන ඇතැමුන්ට
ආදර්ශයක් වන ලෙසයි.
0 comments:
Post a Comment