Photobucket

Tuesday, February 19, 2013

මොහොමඩ් අලිගේ බිරියට චෝදනා

ලොව හිටපු ශ්‍රේෂ්ඨතම බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලිට ඔහුගේ බිරියගෙන් වෙනස්කම් සිදුවන බවට පසුගියදා ඔහුගේ සොයුරු රහ්මාන් අලි ප්‍රකාශ කළා. 71 හැවිරිදි තම සොයුරාගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය ගැනත් ඇය සොයා නොබලන බවයි රහ්මාන් කියන්නේ.

ඔහුට අනුව මොහොමඩ් අලිගේ බිරිය වඩාත් උනන්දුවක් දක්වන්නේ සිය සැමියාගේ මුදල්වලටයි. ‘මම හිතන්නේ ලොනී මගේ සොයුරා කසාද බැන්දේ මුදල් නිසයි. දැන් වයස්ගතව ඉන්න මගේ සොයුරාට ඇය සලකන්නේ අන්තිම පහත් විදිහටයි. ඔහු දැන් සිරකාරයෙක් වගේ ගෙදරට කොටුවෙලා ඉන්නවා.‘ අලිට වඩා අවුරුදු 2කට බාල රහ්මාන් පුවත්පතකට එසේ කියා තිබුණා.

මීට වසර 26කට කලින් අලි ලොනීව විවාහ කරගත්තේ ඔහුගේ තුන්වැනි බිරිය ලෙසටයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all