වරකාපොළ බස්‌නැවතුමේ හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදී
සිටියදී මත්කුඩු සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය
(නාකොටික්) මගින් අත්අඩංගුවට ගත් සැකකරුට දීර්ඝ නඩු
විභාගයකින් පසුව කෑගල්ල පළාත් බද මහාධිකරණ විනිසුරු මේනකා
විඡේසුන්දර මහත්මිය විසින් (18 වැනිදා) මරණ දඬුවම නියම
කරන ලදී.
මෙසේ මරණීය දණ්‌ඩනය නියම වූයේ පුත්තලම මදුරන්කුලිය පදිංචි අබ්දුල් රහිම් මොහොමඩ් ජනුන් නම් 53 හැවිරිදි පුද්ගලයකුටය.
විත්තිකරු 2004.03.17. දින හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25.5 ක් සන්තකයේ තබාගනිමින් ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට පත්වී තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නායක අංශයේ එවකට උප පොලිස් පරීක්‍ෂකවරයකු වූ වෙලගෙදර මහතා ප්‍රධාන නිලධාරීන් කණ්‌ඩායමකටය.
තුල්හිරිය මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයෙන් පසුව නීතිපතිවරයා විසින් කෑගල්ල පළාත් බද මහාධිකරණය වෙත මේ නඩුව යොමුකර තිබිණි.
0 comments:
Post a Comment