Photobucket

Sunday, February 24, 2013

මහම්මත්තුමාට අපහාස කළැයි අමෙරිකාවේ පාකිස්තාන තානාපතිනියට චෝදනා

තෙවසරකට පෙර රූපවාහිනී වැඩසටහනකදී සිදුකරන ලද අපහාස සිද්දියක් සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සිටින පාකිස්තාන තානාපතිනිය පිළිබඳව පාකිස්තාන පොලීසිය පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශ වි තිබේ.

පාකිස්තාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි ගේ හිතෛෂියකු වන ෂෙරි රේමන් නම් ඇය 2011 අවසාන භාගයේ සිට එක්සත්ජනපදයේ පාකිස්තාන තානාපතිනිය ලෙස කටයුතු කරන අතර 2010 පැවති සාකච්ජා වැඩ සටහනකදී ඇය අපහාසාත්මක ප්‍රකාශයක් කරන ලදැයි චෝදනා වක් නැගී ඇත.

පාකිස්තානයේදී මහමත්තුමාට අපහාස කිරීම මරණ දඬුවම හිමිවන වරදකි . 2010 දී ඇය මන්ත්‍රිනියක්ව සිටියදී පස්දරු ක්‍රිස්තියානි මවකට මරණ දඬුවම හිමිවීමෙන්පසු අපහාසය වෙනුවෙන් මරණදඬුවම පමුනුවිම අවලංගු කරන ලෙස ඉල්ලා පෞද්ගලික පනතක් ඉදිරිපත් කිරීමෙන් ආගමික කණ්ඩායම් උදහසට පත් කර තිබිණ. 

තවද ඇය රූපවාහිනී වැඩසටහනකදී කළ ප්‍රකාශයකින් මහමත්තුමාට අපහාස කර ඇති බවට එකලදිම ඇයට එරෙහිව චෝදනා ගොනු කෙරී තිබිණු අතර ඉකුත් අඟහරුවාදා පොලිසිය කියා සිටියේ ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගය මත ඔවුන් ඒසම්බන්ධ පරීක්ෂණ අරඹා ඇති බවය.

ඒඅනුව විමර්ශන කටයුතු සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති බවද ඔවුන් කියා ඇත. මේ විමර්ශනයට එරෙහිව ඇගේ නිතිවේදින් විසින් අභියාචනයක් ඉදිරිපත්කරන බව පැවසී තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all