Photobucket

Wednesday, February 20, 2013

නංගි පැරදුණත් අක්කා දිනුම්

ජනවාරි මාසයේ පැවැති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දී අනපේක්ෂිත පරාජයකට මුහුණ දුන් සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස්ට සමස්ත තරගාවලියම දුක්මුසු මතකයක් ඉතිරිකළත් ඇගේ සොයුරිය වූ වීනස් විලියම්ස්ගේ ජීවිතයට නම් ඒ තරගාවලිය ඉතා ප්‍රීතිමත් මතකයක් එකතු කළා.

ඒ තරගාවලිය අතරතුර තමයි ඇගේ පෙම්වතා වූ 24 හැවිරිදි කියුබානු ජාතික මෝස්තර නිරූපණ ශිල්පි ඒලියෝ පිස් ඇයට විවාහ යෝජනාවක් ගෙනාවේ.

ඊට පෙර පෙම්වතුන් රාශියක් ඇසුරු කළ 33හැවිරිදි වීනස්ට මේ යෝජනාව සදාකාලික සිහිවටනයක් වේවි කියලා විචාරකයන් කියනවා. ඒ ප්‍රීතිය සමරමින් දෙදෙනා පසුගියදා අමෙරිකාවේ මියාමි වෙරළ තීරයේ හිතේ හැටියට විනෝද වුණු බවත් වාර්තා වුණා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all