පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිව්වැනි වසර
ශිෂ්‍යයකු ලෙසින් ව්‍යාජ ලෙස පෙනී සිටි අයකු පේරාදෙණිය
පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පසුව ඔහු මහනුවර
මහෙස්‌ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා වෙත ඊයේ (19
වැනිදා) ඉදිරිපත් කිරීමෙන් q රුපියල් ලක්‍ෂයක ශරීර ඇප සහ
රුපියල් දෙදහස් පන්සීයක මුදල් ඇප මත මුදා හැරීමට නියෝග
කරමින් පෙබරවාරි 28 වැනි දින පැමිණිල්ල ගොනු කරන ලෙසට
පොලිසියට නියෝග කළේය.
මෙසේ ඇප මත මුදාහැරුණේ හලාවත ලුනුවිල ප්‍රදේශයේ පදිංචි යෑයි කියන ලිගුම් මහේෂ් නමැති 26 හැවිරිදි තරුණයෙකි.
මෙම සැකකරු මාස 5 ක පමණ කාලයක් මෙසේ ව්‍යාජ ලෙස සිසුවකු ලෙස වෛද්‍ය පීඨයේ දේශනවලට සහභාගිවී ඇති අතර ඔහු පිළිබඳ සැකසිතූ සෙසු වෛද්‍ය පීඨ සිසුන් මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වෙත දැනුම් දීමෙන් පසු සිසු සංගම් නියෝජිතයන් විසින් සැකකරු පිළිබඳ පරීක්‍ෂා කොට ඇත.
පසුව වෛද්‍ය සිසුවකු ලෙස හොරට පෙනී සිට ඇති බව අනාවරණය කර ගැනීමෙන් පසු ඔහු අල්ලා විශ්වවිද්‍යාල ආරක්‍ෂක අංශ වෙත භාරදී ඇති අතර පසුව පේරාදෙණිය පොලිසියට භාරදී ඇත.
පේරාදෙණිය පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජාලිය හීංකෙන්ද මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක බන්ධුලසේන සහ සැරයන් (32504) අකිල, බුද්ධි අංශයේ සැරයන් සෙනෙවිරත්න යන නිලධාරීන් පරීක්‍ෂණ පැවැත්වූ අතර සැරයන් අකිල මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්‌වීය.
0 comments:
Post a Comment