Photobucket

Thursday, February 21, 2013

ඉරානය බුදු පිළිම තහනම් කරයි

ඉරානයේ වෙළෙඳසල්වල බුදු පිළිම අලෙවි කිරීම හා ප්‍රදර්ශනය කිරීම එරට රජය විසින් තහනම් කර ඇත.

ඉරාන සංස්‌කෘතියට හා උරුමයන්ට බලපෑම් එල්ල වන බැවින් එරට රජය එම පියවර ගත් බව විදෙස්‌ මාධ්‍ය වාර්තා කරයි.

බුදු පිළිම ප්‍රදර්ශනය කිරීම තම රටේ සංස්‌කෘතික ආක්‍රමණයක්‌ වන බැවින් එම තීරණය ගත් බව ඉරාන රජයේ ප්‍රකාශකයෙක්‌ එරට ක්‍රියාත්මක සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර ඇත.

මේ වන විට රජයේ නියෝගවලට අනුව ඉරානයේ බොහෝ වෙළෙඳ සල්වල බුදු පිළිම අලෙවිය හා ප්‍රදර්ශනය නතර කර ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත. ඉරාන රජය බටහිර රටවලින් ආනයනය කරනු ලැබූ බාබි බෝනික්‌කන් සහ සිම්සන් කාටුන් චරිත වැනි භාණ්‌ඩද මීට පෙර තහනම් කර තිබිණි.
Share on :

1 comments:

Nishan de siva said...

උන් කියනවනේ ඔය සිද්දිය බොරුයි කියලා.

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all