Photobucket

Thursday, February 21, 2013

මනම්පිටියෙන් හමුවූ අලි පැටවා වන ජීවියට....

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය ප්‍රදේශයේ සිට පැමිණ අතරමංවූ අලි පැටවෙකු (19 දා) සවස වනජීවී නිලධාරින්ට හමුවී ඇත.

දිවුලාන විල්ලුව අසළ පිහිටි වෙල් යායට පැමිණ සිටියදී හමුවූ මෙම අලි පැටවාගේ වයස අවුරුදු එකහාමාරක්‌ පමණ වන බව වනජීවී නිධාරිහු පැවසූහ.

මවු ඇතින්න තම පැටවා සොයා පැමිණෙනු ඇතැයි බොහෝ දුරට විශ්වාස කරන හෙයින් හමුවූ අලි පැටවාට වෙල්යායේ නිදහසේ සිටින්නට ඉඩහැර ඇතැයිද ඔවුහු කීහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all