Photobucket

Thursday, February 21, 2013

ගුවන්තොටේ රථගාලෙන් පොකිරිස්සන් පන්නලා

අපනයනය කිරීමට කටුනායක ගුවන් රථ ගාලේ තබා තිබූ රුපියල් 76,755/- ක් වටිනා පොකිරිස්සන් කිලෝ 17 ක් සොරකම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිතබන්ධනාගාර ගතව සිටි සැකකරුවන් තිදෙනෙකු එක් අයෙකුට රුපියල් 10,000/- බැඟින් මුදල් ඇප හා ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් එ.එම්.එන්.පී. අමරසිංහ මහතා නියෝග කළේය. 

මුදා හැරුනේ ගුවන් තොටුපොළ රථගාලේ සේවකයන් බව කියන තිදෙනෙකි. පැමිණිලිකරු ජා ඇල, දෑලතුරය පිහිටි පොකිරිස්සන් ආනයනය කරන සමාගමක කළමනාකරුවෙකි. ඉහත සමාගමෙන් 2012.12.30 දින ගුවන් මගින් පොකිරිස්සන් කිලෝ 191 ක් හොංකොං රටට යවා ඇත. එහිදී ගැණුම්කාර සමාගමට යවන ලද පොකිරිස්සන් ප්‍රමාණයට වඩා කිලෝ 17 ක් අඩුවෙන් ලැබී තිබේ. ගුවන්තොටුපළ සේවකයන් ‍තිදෙනෙකු පොකිරිස්සන් සොරකම් කළ ආකාරය එහි තිබූ ආරක්ෂිත කැමරා මඟින් අනාවරණය කරගෙන තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all