Photobucket

Thursday, February 21, 2013

පිස්ටෝරියස් සිය පෙම්වතියට වෙඩි තැබූ බව හෙළිවෙයි

සිය පෙම්වතිය ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටින දකුණු අප්‍රිකානු පැරා ඔලිම්පික් ධාවන ශූර ‘ඔස්කාර් පිස්ටෝරියස්’ ඊයේ දිනයේදී ඇප ලබාගැනීම තීරණය කෙරෙන නඩු වාරයක් සඳහා යළිත් වරක් අධිකරණයේදී පෙනී සිටියේය. එහිදී පිස්ටෝරියස් විසින් සිය පෙම්වතිය ‘රීවා ස්මීන්කෑම්ප්’ නානකාමරය තුළ සිටියදී තෙවරක් වෙඩි තැබූ බව පැමිණිල්ල කියා සිටින ලදී.

කලින් සැලසුම් කරනු ලදුව සිදුකරන ලද ඝාතනයක් බවට පැමිණිලිකරුවන් විසින් එල්ල කරනු ලබන චෝදනා පිස්ටෝරියස් විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි බලා‍පොරොත්තුවූ අතර සිදුවීම විස්තර කෙරුණු අවස්ථාවේදී ඔහු යළිත් වරක් හඬාවැටුණු බව කියැවේ. ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදී පිස්ටෝරියස්ගේ පෙම්වතිය වන නිරූපණ ශිල්පිනි ‘රීවා ස්ටීන්කෑම්ප්’ ඔහුගේ නිවසේදී වෙඩිවැදී මියගොස් සිටියදී සොයාගනු ලැබූ අතර, ඇගේ භූමදානය ‘‍පෝට් එලිසර්බෙත්’හි ඊයේ දිනයේදී සිදුකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all