Photobucket

Thursday, February 21, 2013

ඇමෙරිකානු ගායිකාවගේ මරණය සියදිවි නසාගැනීමක්

පසුගියදා ඇමෙරිකාවේ ආර්කන්සාස්හි පිහිටි සිය නිවසේදී මියගොස් සිටියදී හමුවූ ඇමෙරිකානු ගැමි ගායනාවලින් ජනප්‍රියත්වයට පත් (Country Singer) ‘මින්ඩි මැක්කේ‍රඩි’ගේ මරණය වෙඩි තබාගැනීමෙන් සිදුකළ සියදිවි හානිකර ගැනීමක් බව ඇමෙරිකානු ‍පොලීසිය කියා සිටියි.

 මීට පෙරද දෙවරක්ම සියදිවි හානිකර ගැනීමට උත්සාහ දැරූ තිස්හත් හැවිරිදි මැන්කේ‍රඩිට මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් මීට පෙර චෝදනා එල්ලවූ අතර පුනරුත්ථාපන ප්‍රතිකාරද ලැබූවෙකි. මීට සතියකට පෙරදී ඇගේ පෙම්වතා හා ඇගේ දරුවන් දෙදෙනාගේ පියා වන ‘ඩේවිඩ් විල්සන්ද’ මියගිය අතර ඒ පිළිබඳව තවමත් විමර්ශන සිදුකෙරෙමින් පවතියි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all