Photobucket

Thursday, February 21, 2013

ජීවිතය ජයගන්නා තවත් තරුණියකගේ කතාව

මෑතකදී බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ‘සුජාත දියණීය’ කථා මාලාවේ අවසානයත් සමඟම ජාතික නාලිකාව එම කාල වේලාව එක් කරන නැවුම්ම ටෙලි මාලාවයි ‘අභීත දියණිය’. දකුණු කොරියාවේ එම්. බී. ඩී. නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදනයක් වන ‘The Jewel in the Corwn’ වැඩසටහන් පෙළ සිංහලින් හඬ කවා අභීත දියණිය ලෙස සතියේ දින පහේම පස්වරු 6.30 සිට 7.30 දක්වා ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වෙයි.

කොරියානු ඉතිහාසයේ සත්‍ය කතාවක් පසුබිම් කරගෙන ගොඩනැඟුණු ‘අභීත දියණිය’ දකුණු කොරියාවේ ක්‍යොංගිදෝ හි චොංගු සහ යොංගින් ෂි සුන්දර ප්‍රදේශයන්හි රූගත කිරීම් සිදුකර තිබේ. ඊ ඛ්‍යුන් හුන් අධ්‍යක්ෂණය කර ඇති මෙම මාලා නාටකය 2010 වසරේදී දකුණු කොරියානු එම්. බී. ඩී. ජාලයේ විකාශය කර තිබේ.

2010 වසරේ එම්. බී. ඩී. ටෙලි සම්මාන උලෙළේ වගේම කොරියානු සම්මාන උලෙළේ විශිෂ්ටතම සම්මානය, ජනපි‍්‍රය නළු නිළි සම්මානය, නවක නිළි සම්මානය, වසරේ හොඳම නාට්‍යය, විශේෂ ළමා රංගනය ඇතුළු සම්මාන ගණනාවක් ලබාගත් ටෙලි නාට්‍යයක් වේ. ආදරය හා වෛරය, වරද හා සමාව දීම, සාධාරණය හා අසාධාරණය, සරල බව හා සංකීර්ණත්වය අතර දෝලනය වෙමින් අධිෂ්ඨානය හා සත්‍යවාදී බව පෙරටුකොට තම ජීවිතය ජයගන්නා තරුණියක ගේ කතාවයි අභීත දියණිය.

කුඩා අවදියේදීම තම පියා හා සොහොයුරා අහිමිව අනාථ දැරියක් වන ඇය ඉන්පසු රජ මාලිගයේ වාද්‍ය අංශයේ සේවයට එකතු වෙයි. එතැන් පටන් සිදුවන විවිධ හැලහැප්පීම් මත ගලා යන ඇගේ ජීවිතයට කුමක් වෙයි ද? දිරියෙන් ඇගේ ජීවිතය ගොඩනඟා ගනියි ද? ඒ සියල්ලටම විසඳුම ප. ව. 6.30 ට ජාතික රූපවාහිනියෙන් දිග හැරෙයි.

කරුණාරත්න අමරසිංහ, පරාක්‍රම පෙරේරා, සීලරත්න සෙනරත්, සෝමසිරි චන්ද්‍රසේන, නිමල් ජයසිංහ, උලපනේ ගුණසේකර, රෝහණ සිරිවර්ධන, කමල් ගමගේ, මිලින්ද පෙරේරා, නයනා ජයතිලක, කුසුම් පීරිස්, ගීතා කාන්ති ජයකොඩි, මෙලනි අසෝකා ඇතුළු ප්‍රවීණ හඬ රංගනවේදීහු දෙසීයකට අධික පිරිසක් අභීත දියණිය වටා එක්වී සිටිති.

අතුල රන්සිරිලාල්ගේ ගීත රචනය හා හඬ කැවීම් මෙහෙයුමින් හා උපදෙසින් ජාතික රූපවාහිනී හඬ කැවීම් අංශය ‘අභීත දියණිය’ ඔබ වෙත තිළිණ කරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all