සැමියාට පිහියකින් සහ පොල්ලකින් පහර දී තුවාල සිදුකළ බවට සැකපිට කාන්තාවක් සහ ඇගේ
දියණිය අකුරැස්‌ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරියන් දෙදෙනා තුවාලකරුගේ බිරිඳ සහ දියණිය බවට හෙළිවී ඇත. තුවාලකාර සැමියා පෙබරවාරි 18 දින රාත්‍රී නිවසට පැමිණි අවස්‌ථාවේදී රූපවාහිනිය නරඹමින් සිටි සැකකාරියන් හා සැමියා අතර බහින් බස්‌වීමක් ඇතිවී බිරිඳ මාළු කපන පිහියකින් තුවාලකරුගේ හිසට පහරදී ඇති බවට හෙළිවී ඇත. මෙම සිද්ධිය අකුරැස්‌ස ප්‍රදේශයේ දී සිදුවී ඇතිs අතර සැකකාරියන් වයස අවුරුදු 49 සහ අවුරුදු 16 වයසේ පසුවන අයවෙති.
තුවාලකරු රෝහල් ගතකොට ඇත. අකුරැස්‌ස පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
0 comments:
Post a Comment