අක්‌කරපත්තුව ප්‍රධාන බස් නැවතුම්පොළ අසල මාර්ගයේ සිදුවූ
රිය අනතුරකින් තුවාල ලැබූ අයෙකු මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර
ලබමින් සිටියදී 15 වැනිදා මියගොස් ඇත. මෙසේ මිය ගොස්
ඇත්තේ අක්‌කරපත්තුව පදිංචිව සිටි එම්. එස්. එම්. තේමානි
(64) නමැති අයෙකි.
මොහු අක්‌කරපත්තුව බස් නැවතුම්පළ ආසන්න මාර්ගයේ පාර මාරුවීමට යන අවස්‌ථාවේදී කැබ් රියක ගැටීමෙන් 13 වැනිදා මෙම අනතුරට ලක්‌ව තිබිණි. එහිදී තුවාල සිදුවීමෙන් අක්‌කරපත්තුව රෝහලටත් ඉන්පසුව මඩකලපුව රෝහලටත් ඉන් අනතුරුව මහනුවර මහ රෝහලටත් යවා ඇත.
කැබ්රියේ රියෑදුරු වූ අක්‌කරපත්තුව පල්ලිකුඩිඉරුප්පු පදිංචි ඒ. එම්. එස්. මොහොමඩ් නමැත්තා අක්‌කරපත්තුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 23 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අක්‌කරපත්තුව මහෙස්‌ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී. මේ පිළිබඳ පරීක්‍ෂණ කටයුතු අක්‌කරපත්තුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ උපදෙස් අක්‌කරපත්තුව පොලිසිය මගින් සිදුකරයි.
0 comments:
Post a Comment