Photobucket

Wednesday, February 20, 2013

මහේලට බංග්ලාදේශ තරග අහිමියි

මහේල ජයවර්ධනගේ ඇඟිල්ලකට තුවාළ සිදුවීම හේතුවෙන් මාර්තු මස මුල් සතියේ ශ්‍රී ලංකාවේ ඇරැඹෙන බංග්ලාදේශයට එරෙහි ක්‍රිකට් තරගවලට ඔහු ක්‍රීඩා නොකරනු ඇත.

ජයවර්ධන වෙනුවට තිලාන් සමරවීර ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීමට තේරීම් නිළධාරීන් තීරණය කර තිබේ.

එන්.සී.සී. කණ්ඩායම සමග පසුගිය ඉරිදා දේශීය පළමු පෙළ තරගයකට එස්.එස්.සී. පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටි අතරවාරයේ උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී ජයවර්ධනගේ මැදැඟිල්ලට තුවාළ සිදුව තිබේ. 

ඇඟිල්සේ අස්ථි බිඳීමක් සිදුව තිබෙන බව ‘ස්කෑන්’ පරීක්ෂණයේදී හෙළි වී තිබේ. ඔහුගේ ‘ස්කෑන්’ වාර්තා වැඩිදුර පරීක්ෂණය පිණිස දැනටමත් ඔස්ට්‍රේලියාවට යවා ඇතත් බංග්ලාදේශයට එරෙහි තරගමාලාවට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත බව විශේෂඥ වෛද්‍ය මතය වී තිබේ.

ජයවර්ධනගේ ඇඟිල්ලේ අස්ථි බිඳීම වැනි ආබාධයක් සුව වීමට සාමාන්‍යයෙන් සති 2 – 4 කාලයක් ගතවෙතත් ඔහුගේ ආබාධයේ දරුණුකම අනුව එය සම්පූර්ණයෙන් සුව වීමට සති 4 – 6ක කාලයක් ගතවනු ඇතැයි වෛද්‍යවරුන් පවසා ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all