Photobucket

Wednesday, February 20, 2013

කෝලි වෙනුවෙන් තරුණියක් දිවිපුදයි

ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් තරුව වන විරාත් කෝලිගේ ක්‍රිකට් තරග දිවිය සාර්ථකවීමට සුබ පතමින් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ බෝපාල් නුවර 18හැවිරිදි තරුණියක් සියදිවි නසාගත් කනගාටුදායක පුවතකින් පසුගියදා මධ්‍ය ප්‍රදේශයේ දැඩි කැළඹීමක් ඇතිවුණා.

 පළමු වසරේ ඉංජිනේරු ශිෂ්‍යාවක් වන මේ තරුණිය සිය දිවි හානි කරගැනීමට පෙර ඇය විසින් ලියන ලද ලිපියකින් මේ බව හෙළිදරවු වී තිබෙනවා. සිය ක්‍රිකට් වීරයා වන කෝලි ඉදිරියේ දී සාර්ථක පිතිකරුවකු ලෙස දස්කම් දක්වමින් වාර්තා පිට වාර්තා තැබීම තම එකම ප්‍රාර්ථනය බව ඇය මේ ලිපියේ සඳහන් කර තිබෙනවා.

‘කෝලි ඉතා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුට ඉදිරියේ දී වාර්තා රැසක් බිහිකිරීමට පුළුවනි.’ ඒ ලිපියේ එසේ සඳහන් වන බව බෝපාල් නුවර පොලිසිය අනාවරණය කළා. පොලිස් ආරංචි මාර්ග අනුව ඇය සිය නිවෙසේ ගෙල වැලළාගෙනයි සිය දිවිහානි කරගෙන ඇත්තේ. මේ තරුණිය කෝලිගේ උග්‍ර රසිකාවියක් බවත්, අනාගතයේ දී ඔහු මුණගැසීමේ බලාපොරොත්තුවෙන් සිටි බවත් වාර්තා
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all