ලංකා ධීවර සංස්ථාව විසින් දිනපතා ප්‍රකාශයට පත් කරන මාළු මිල ගණන් ජංගම
දුරකතනය ඔස්සේ කෙටි පණිවිඩයක් (SMS) මගින් දැනගැනීමේ පහසුකම
පාරිභෝගිකයාට ලබාදීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
නියෝජිතායතනය (ICTA) පියවර ගෙන තිබේ.
මෙහි සමාරම්භක උත්සවය (19) පෙරවරු10.00ට මෝදර ශ්‍රී ලංකා ධීවර වරාය සංස්ථා
පරිශ්‍රයේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න,තොරතුරු
තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය, ධිවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර
ගුණරත්න,ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්
පැවැත්වෙයි.
එදිනෙදා මාළු වෙළෙඳපොළේ පවතින නිසි මිළගණන් කඩිනමින්
දැනගැනීම මගින් පාරිභෝගික අයිතිය සුරක්ෂිත කිරීම මෙහි අරමුණ වේ.
cfc
හිස්තැනක් prc යනුවෙන් ටයිප් කර මාළු වර්ගය සහ අදාල වෙළෙඳ ප්‍රදේශය සඳහන් කර
කෙටි පණිවිඩ යැවීම මගින් මෙම තොරතුරු පාරිභෝගිකයාට දැනගත හැකිවෙයි (උදා-cfc
prc balaya colombo) මේ මිල ගණන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය(1919) ඇමතීම මගින්ද
ලබාගැනීමට ICTA ආයතනය අවස්ථාව උදාකර දී ඇත.
මීට අමතරව ඇන්ඩෝයිඩ් ජංගම දුරකථන තාක්ෂණික සේවා සහිත දුරකථන මගින් ද අදාළ
මාළු වර්ගයේ ඡායාරූපද සමඟ මේ පහසුකම් ලබාගැනීමට හැකිවීම තවත් පහසුකමකි.
0 comments:
Post a Comment