Photobucket

Sunday, February 24, 2013

හලාල් සහතිකය පිරිසිදු ඉස්‌ලාම් බැතිමතුන් මුළා කරන්නකි

ලෝකයේ සියලු ආගම් මිනිසා යහ මගට ගැනීමේ හා මිනිසා තුළ මනුෂ්‍යත්වය සංවර්ධනය කර දේවත්වය කරා හෝ එයින් ඔබ්බට ඔහු හෝ ඇය යොමු කිරීමේ අරමුණ ඇතිව ක්‍රියා කරන බව සාමාන්‍යයෙන් පිළිගත්තකි. නුවනැත්තා කිසිදු ආගමකට නිගරු නොකරයි. සෑම ආගමකම යහපත් දේ මිනිසා දේවත්වයට යොමු කරයි. ඒ ඔවුන් එම දහමට අනුව කටයුතු කිරීම නිසාය. එසේ යොමු කිරීමට නොයෙකුත් දේශනා උපදේශ හා විනය පද එම ආගම ගරු කරන අය හෝ දේශනා කරන ලද ශාස්‌තෘ වරුන්ගේ වචන ද ග්‍රන්ථ ගත කර ඇත. ධම්ම පදය, සූත්‍ර පිටකය, විනය පිටකය, ශුද්ධ වූ බයිබලය, ශුද්ධ වූ කුරානය ග්‍රන්ථ අපට හැඳින්විය හැකිය.

මෑත කාලයේ පැන නැගුන හලාල් සහතිකය පිළිබඳව ගැටලුව ශුද්ධ වූ කුරානයේ නියමයන්ට පටහැනිව යන ආකාරය ගැන විමසුමට ලක්‌ කිරීම මෙම ලිපියේ අරමුණයි.

ශුද්ධවූ කුරානය යනු මනුෂ්‍යයා මනුෂ්‍යත්වයෙන් ඉහළට ඔසවා තැබීමට සත්ව ගණයා කෙරේ අනුකම්පාව පෙරදැරිව සකස්‌ වී ඇති බව එය කියවන්නෙකුට ආගම් භේදයකින් තොරව වටහා ගත හැක.

ඉහත දැක්‌වූ හලාල් වචනය සහ හරාම් යන වචනය එම ග්‍රන්ථය තුළ නොවුවද දෙවියන් විසින් අනුමත කරන දැ හලාල් වශයෙන්ද අනුමත නොකරන දැ හරාම් ලෙසද ඉස්‌ලාම් භක්‌තිකයන් විසින් හඳුන්වනු ලබයි. දෙවියන් විසින් අනුමත නොකරන ලද යම් දෙයක්‌ හලාල් යන වචනයෙන් දෙවියන් විසින් අනුමත කරන ලද්දේ යනුවෙන් හැඳින්වීමේදී, එයින් ශුද්ධවූ කුරානයට බරපතළ හානියක්‌ සිදුකරන බව නිවැරැදි ඉස්‌ලාම් බැතිමතුන් මා සමඟ එකඟවනු ඇත. පිරිසිදු ඉස්‌ලාම් භක්‌තිකයන් කිසිම ආකාරයකට සත්ව කොටස්‌ සහිත ආහාරය අනුභව නොකරති. ඔවුන් පිරිසිදු නිර්මාංශික ආහාරයෙන් ජීවිතය ගෙනයයි.

මෙවැනි පරිසරයක්‌ තුළ හලාල් වචනය යොදා මරා මස්‌කර සකසන කුකුළෙකු හෝ ගව මස්‌ කැබැල්ලක්‌ හෝ එයින් නිෂ්පාදනය කරන ආහාරයක්‌ විකිණීමට විශේෂ සුදුසුකමක්‌ ලබාදීම ඉස්‌ලාම් ආගමට කරන අගෞරවයකි. එය ශුද්ධ වූ කුරානයට කරන නිග්‍රහයකි.

ඉහත ඡේදයේ දක්‌වා ඇති පරිදි සාගින්නෙන් සිට තම ප්‍රාණය විනාශ වී යන මොහොතේදී පමණක්‌ තහනම් දැයින් අනුභව කිරීමට සමාව දෙන බව පැවසීමෙන් කදිමට පැහැදිලි වන්නේ සත්ව ඝාතනය ඉස්‌ලාම් ආගමේ අනුමත කර නොමැති බවයි.

මස්‌ කෑම හෝ සතුන් මරා කෑම මනුෂ්‍යත්වයට බලවත් නිගාවකි. මනස උසස්‌ නිසා මිනිස්‌ වන අතර උසස්‌ මනස ඇති සත්ත්වයාගේ කුස අන් සතුන්ගේ ආදාහනාගාරය බවට පත්වීම මනුෂ්‍යත්වයට කැළලකි.

එය එසේ තිබියදී, මරණ ලද මාංශයට ආගමකට අනුව සහතිකයක්‌ ලබාදීම කෲර ක්‍රියාවකි. එසේ ලබාදීම සඳහා මුදල් අයකිරීම, ආයතන පැවැත්වීම, ඒ සඳහා ප්‍රාචාරය ලබාදීම රටක පාරිභෝගික ආරක්‍ෂාව යටතේ කොතරම් දුරට සාධාරණද යන්න විමසා බැලීමට අද කාලය එළඹ ඇත.

මේ සඳහා පෙළ ගැසිය යුත්තේ සිංහල බෞද්ධයන් නොව නිවැරැදි ඉස්‌ලාම් බැතිමතුන්ය. කෙසේ හෝ කාලය විසින් ප්‍රශ්නය ඉස්‌මතු කර ඇත. ජාතිවාදය ගැන කතා කරමින් බරපතළ නීති විරෝධී පාරිභෝගික ගසා කෑම යටගැසීම අනුමත කළ නොහැක.

මස්‌ මාංශ අනුභවය කෑදරයාගේ ක්‍රියාවකි. එයට අදාළ පාපයද ඔහුට හිමිවනු ඇත. ඒ සඳහා සහතිකයක්‌ ලබාදීම තවත් කෙනෙකුට සිදුකළ නොහැකි බව ශුද්ධ වූ කුරානයේම උගැන්වීම අපට පැහැදිලිව පෙන්වා දෙයි.

(මන්න වශයෙන් සුදු මී පැණිද සල්වා යනු පක්‍ෂි විශේෂයක්‌ද මෙහිදී හඳුන්වා දී ඇත. එයද රැස්‌කර තබා කෑම නොකළ යුතු බව පැහැදිලිව පවසා ඇත).

එමෙන්ම ශුද්ධ වූ කුරානයට අනුව මරා මස්‌කර රැස්‌කර තබා ගැනීම බලවත් වරදකි. තමන් විසින් මැරුදැය සියල්ලම අනුභව කළ යුතු බව පවසා ඇත. එමෙන්ම ප්‍රමාණය ඉක්‌මවා අනුභව කිරීම අනුමත කර නැත. මෙවැනි පිරිසිදුව කාරණා සටහන් කර ඇති විටෙක එය විකෘති ලෙස හුවා දක්‌වා ශීතකරණවල, ශීත ගබඩාවල, මරා රැස්‌කිරීමට හලාල් සහතිකය ලබාදීම ඉස්‌ලාම් බැතිමතුන් මුළා කිරීමකි.

තමන්ගේ ආගමේ ශුද්ධවූ ග්‍රන්ථයකට අගරුවන ක්‍රියාවක නිරත වන ආයතන හෝ එහි ක්‍රියා පටිපාටිය මුග්ධ ලෙස බැහැර කිරීම කළ යුත්තේ බෞද්ධයා නොව මුස්‌ලිම් ජාතිකයායි. ඒ අනුව යමින් පාපයට සහතිකයක්‌ ලබාදීමට එවැනි ආයතනවලට ඇති සුදුසුකම විමසා බැලීම ඉස්‌ලාම් භක්‌තිකයාගේ කාර්යයකි.

මෙහිදී බලවත් ව්‍යසනය නම් වංචාවෙන් සහ මුසාවෙන් ඉස්‌ලාම් භක්‌තිකයා රවටමින් එහි බරපැන සියලු දෙනාගේ කරපිට පටවා ඔවුන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට ඔවුනට ආගමකින් බලය ලැබුනේ කෙසේද? රටේ පවතින නීති පද්ධතිය තුළින් ඔවුනට පිටපැනිය හැක්‌කේ කෙසේද? ශුද්ධවූ කුරානය විකෘති කර සහතික ලබාදීම මගින් ඔවුන් එම නියමයන්ට කරන විනාශයට වගකිව යුත්තේ අනාගත පරපුරද? යන්න මුළු සමස්‌ත ලෝකයම විමසා බැලීමට කාලය එළඹ ඇත.

මස්‌ කෑමට හෝ අපාගතවීමට කෑදර කම් කිරීමට ඕනෑම ආගමක අයෙකුට හැකිය. එහි විපාකයද විඳීමට ඔහුට සිදුවෙයි. නමුත් විකෘති කරන ලද දහම තුළින් අනාගත පරපුරට හිමිවන තිරිසන් ගති පැවතුම් වලට වගකියන්නේ කවුරුන්ද? මෙවැනි ක්‍රියා ඕනෑම ආගමක නැතුවා නොවේ. එහෙත් ඒවාට ප්‍රසිද්ධියේ සහතික ලබාදීම බරපතළ ප්‍රශ්නයකි.

හලාල් සහතිකය කෙතරම් දුරට ශුද්ධවූ කුරානයේ ඉගැන්නුමට එකඟද එය පාරිභෝගිකයා රැවටීමක්‌ නොවෙන්නේද යන්න විමසා බැලීම අභ්‍යන්තර වෙළෙඳ කටයුතු දෙපාර්තමේන්තුව හා පාරිභෝගික ආරක්‍ෂණ පනත ක්‍රියාත්මක කරන්නන්ගේ වගකීම බව මෙහිදී මතක්‌ කරනු කැමැත්තෙමි.

හලාල් සහතිකය ජනතාව අතරට පැමිණියේ මස්‌ මාංශ හරහා නිසා වැඩියෙන්ම මස්‌ මාංශ ගැන කතා කළෙමි. කිරි දෙවීමේදී දිනක්‌ හැර දිනක්‌ කිරි දෙවීමට ශුද්ධවූ කුරානයේ ඉහත ඉගැන්වීම පැහැදිලි කරයි. එසේ නමුත් අද වෙළෙඳසල තුළ පවතින හලාල් සහතිකය ඇති කිරි පිටි වර්ග ඒ අයුරින් සකස්‌ කරන බවට මෙම සහතික දෙන අය දන්නවාද? දිනකට දෙවරක්‌ හෝ තුන්වරක්‌ දෙනුන්ගෙන් කිරි ගැනීම අද කිරි කර්මාන්තය දියුණු රටවල ක්‍රියාවකි. ඉහත කුරාන ග්‍රන්ථයට අනුව කිරි ලැබීමට අයිතිකරුවා නම් එම දෙනගේ පැටවාය. එනිසා එක්‌දිනක්‌ ඔහුට කිරි ලබාදී තව දිනක්‌ අතිරික්‌ත කිරි වලින් මිනිසාට පරිහරණයට නියම කිරීමට තරම් ශුද්ධවූ කුරානය කරුණාවන්ත වී ඇත.

කිරි එරුණ ගමන් පැටවා මරා විශේෂ ආහාර සකසන කිරි කර්මාන්ත ලෝකයේ මෙවැනි අනුකම්පාවක්‌ අහලකවත් නැත. එම කිරි පිටි බවට පත්කළ පසුව එයට කෙසේ නම් හලාල් සහතිකයක්‌ ලබාදී අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට කවරෙකු නම් සමත්ද?

ශුද්ධ වූ කුරානය තුළ මළකුණු කෑම අනුමත නොකරයි. එසේ නම් ඕනෑම කෙනෙකු හෝ සත්වයකු මරණයට පත්වූ විගසම එම දේහය මළකුණකි. මැරූ ආකාරය ගැන එහි විශේෂයක්‌ නැත. එනිසා මෙම මස්‌වලට හලාල් සහතිකය දීම ශුද්ධවූ කුරානයට අගෞරව කිරීමකි. එසේ නම් මේ සඳහා නැගී සිටිය යුත්තේ ඉස්‌ලාම් භක්‌තිකයායි.

ශුද්ධවූ කුරානයේ රුධිරය අනුභව කිරීම වරදක්‌ බව පැහැදිලිව සටහන් වේ. ජීව විද්‍යාත්මකව අප දන්නා පරිදි සෑම සත්ව සෛල තුළම කේශනාලිකා පද්ධතියක්‌ ඇත. මරණ ලද සතකුගේ රුධිරය ඒ තුළ තැන්පත්වීම සිදුවේ. මෙය මොනයම් ආකාරයකටවත් සෝදා ඉවත්කර නොහැකිය. එසේ නම් සෑම මස්‌ කැබැල්ලකම රුධිරය ඇත. මස්‌ කන්නෝ රුධිරයද කන බව අද විද්‍යාත්මකව ඔප්පුකර ඇත. එමෙන්ම එය සාමාන්‍ය දැනීමේ පිළිතුරකි. එවැනි මාංශයකට සහතික ලබාදෙන්නෝ මෙම රුධිරය ඉවත්කර දැමීමට කුමන, ක්‍රමවේදයක්‌ අනුගමනය කළේද? එසේ නම් රැවටෙන්නේ ඉස්‌ලාම් භක්‌තිකයායි. අපිරිසිදු කරන්නේ ශුද්ධවූ කුරානයයි. බොරු කරමින් අල්ලාහු රවටන්නට උත්සාහ කරන්නේ ඉහත සහතික සපයන අයයි. එහෙත් අල්ලාහු රැවටීමට නොහැක.

"අල්ලාහු තොප සඟවන දැය එළිදරවු කරන්නේය" (ශුද්ධවූ කුරානය 26 පිටුව 32 ඡේදය)

සූකර මාංශය යනු රුධිරය රහිත ඝන මේද තට්‌ටුවක්‌ සහිත මාංශයකි. රුධිරය නොකෑමට කැමැති අය සූකර මාංශයට ගිජු විය හැකි බැවින් සූකර මාංශය විශේෂයෙන්ම නම් සහිතව ශුද්ධවූ කුරානය මගින් ප්‍රතික්‍ෂේප කර ඇත. එය නුවනින් වටහා ගත යුතු කාරණයකි.

ලෝකයේ භාණ්‌ඩ හා නිෂ්පාදන ක්‍රියාවලියන් සඳහා නොයෙක්‌ පිළිගත් සහතික ඇත. ඒ සැම එකකටම යම් යම් සකස්‌ කරගත් පදනමක්‌ පසුබිමක්‌ ඇත. එම පදනම් හා ප්‍රමිතීන්ට පිළිගත් ආයතන හරහා අනුමැතිය ලබා ගනිමින්, ඒවා නිතර අධීක්‍ෂණයට ලක්‌කරමින් මෙම තත්ත්ව සහතික පවත්වාගෙන යනු ලබයි. ඒ අනුව බලන කල හලාල් සහතිකයේ මූලික පදනම වශයෙන් හා ප්‍රමිතිය වශයෙන් ඔවුන් පෙන්වීමට උත්සාහ කරන්නේ ශුද්ධවූ කුරානයේ ඉගැන්වීමයි. නමුත් මෙම ලිපිය පුරා එම ප්‍රමිතියෙන් තොර ක්‍රියාවන් ශුද්ධවූ කුරානයට අනුකූල නොවන බව පැහැදිලි කර ඇත. එසේ නම් මෙම සහතික කොතරම් දුරට නීත්‍යනුකූලද? එමෙන්ම රටක නිෂ්පාදන ක්‍රියාවලියට හා වෙළෙඳ ක්‍රියාවලියට අත්තනෝමතික ලෙස අවතීර්ණ වූ මෙම සහතික ක්‍රමය අද වෙළඳපළ අඩාල කිරීමට හා ආයතනවල වෙළෙ¹ම කඩා වැටීමටද හේතු සපයා ඇත.

මෙම ප්‍රශ්න සත්‍ය වශයෙන්ම ජාතිවාදී හොර ආගම්වාදී නොවන්නකි. එහෙත් වැරදියට පරිශීලනය කරනු ලැබුවහොත් එවැන්නකට යොමුවීමට බොහෝ ඉඩ ඇත. මේ ගැන සියලු වගකිවයුත්තන් නිහඬ පිළිවෙතක්‌ රැකීම නියපොත්තෙන් කැඩීමට ඇති දෙය පොරොවෙන් කැපීමටත් නොහැකි තැනට තල්ලු කිරීමකි. ආ¹ මාළු ඉරට්‌ටෙන් කෑම හෝ කලදුටු කල වළඉහ ගැනීමෙන් වැළකී පාරිභෝගික ආරක්‍ෂක පනත යටතේ පාරිභෝගිකයා මුළා කිරීමට විරුද්ධව පියවර ගැනීම කාලෝචිත ක්‍රියාවකි.

හලාල් සහතිකය ලබාදීම අවශ්‍ය අංගයක්‌ වශයෙන් එක්‌ එක්‌ අය දක්‌වන්නට හැදුවද එය ඇත්තේ තම හිත තුළ ඇතිවන ෙච්තනාව තුළ බව ශුද්ධ වූ කුරානය පැහැදිලි කරයි. ෙච්තනාවෙන් ඇතිවන පිරිසිදු භාවය සහ එම ෙච්තනාව ක්‍රියාවට නැගීමේදී සිදුවන පිරිසිදුබව පරදන්නට සහතිකයක්‌ ලබාදී පිටස්‌තර පිරිසකට වරද සාධාරනීකරණය කළ නොහැක. මෙහිදී සිදුවන බරපතළ හානිය නම් ශුද්ධවූ කුරානයේ ඉගැන්වීම වෙනස්‌ කරමින් වෙළෙඳ ලෝකයට අවශ්‍ය පරිදි ආගම හා එහි නියමයන් වාණිජකරණය කිරීමයි. අවසානයේදී ආගම හෝ ඇදහීම වෙනුවට වෙළඳ සංකේතයක්‌ පමණක්‌ අනාගතයට ඉතිරි වනු ඇත.

ආගමික ඉගැන්වීම වාණිජකරණය තුළින් ඒ කෙරේ පවතින ශ්‍රද්ධාව හීන වනු ඇත. එම ශ්‍රද්ධාව වෙනුවට ගාස්‌තු අයකරන පිරිසක්‌ මගින් ස්‌ථාපිත කරන ක්‍රමවේදයක්‌ තුළ අනාගත ඉස්‌ලාම් භක්‌තිකයා අතරමං වනු ඇත.

එමෙන්ම සිංහල හෝ බෞද්ධ හෝ ක්‍රිස්‌තියානි හෝ හින්දු හෝ ඉස්‌ලාම් භක්‌තිකයකුට අවශ්‍ය වන්නේ තම ආගමික ඉගැන්වීමට අනුව තම ෙච්තනාව හා ක්‍රියාව පිරිසිදුව පවත්වා ගැනීමයි. ඒ නිසා සියලු භක්‌තිකයන් පාරිභෝගිකයන් සේ සලකා සාධාරණ ප්‍රමිතියකින් තොර නීතියට පටහැනි වූ සේවා සැපයීම බල රහිත කිරීමට මේ රටේ සියලු දෙනාගේම අනාගත වගකීම බව නැවත මතක්‌ කරමු. එයට පූජක, දේශපාලනික ව්‍යාපාරික හෝ පොදු මහජනතාව යනුවෙන් භේදයක්‌ද, ජාති හෝ ආගම් භේදයක්‌ද ඉදිරියට ගෙන කාලීන වගකීම අමතක කළ යුතු නොවේ.

ශුද්ධවූ කුරානය හෝ වෙනත් ආගමික ග්‍රන්ථයක්‌ වානිජ අවශ්‍යතා අනුව වෙනස්‌ කිරීම මනුෂ්‍ය වර්ගයාට කරනු ලබන මහත් විනාශයක්‌ බව සියලු ආගම් වාණිජකරනයට ලක්‌කරනවුන් සිහි තබාගත යුතුය. එයට බුද්ධ බාර්, හලාල් හා ඒ හා සමානකම් තියෙන ඕනෑම පාප අනුමත කරන ක්‍රියාවක ප්‍රතිඵලය ධර්මය නැසීමෙන් ලොව අඳුරට ඇද දැමීමෙන් භයානක පාපය කරන්නවුන් කෙරේ එළඹෙන බව එසේ කරන්නවුන් සිහි තබා ගත යුතුය.

එම්බල මනුෂ්‍යයෙනි පොළොවෙහි තොපට අනුමත කරන ලද පාරිශුද්ධ දැයින් අනුභව කරව්. ෂයිතාන්ගේ පියෙහි පිය නොතබව්. ඇත්තෙන්ම ඔහු තොපට ප්‍රකට සතුරෙකි.

(ශුද්ධවූ කුරානය 68 පිටුව 168 ඡේදය)

යක්‍ෂයාගේ මාර්ගයේ නොගොස්‌ දෙවියන් වහන්සේගේ මග තෝරා ගන්නට ඔබ ඉහත පරිදි ආරාධනා කරයි, නිවැරැදි දේ තෝරා ගැනීම ඔබ සතුය.

ශුද්ධවූ කුරානයට ගරු කරන සැබෑ බැතිමතුන් ඔබට ආරාධනා ව සත්‍ය වෙනුවෙන් අදහස්‌ ප්‍රකාශ කරන්න.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all