Photobucket

Sunday, February 24, 2013

ජනමාධ්‍ය දූෂණ හෙලිකරනවා මදි

මේ රටේ සිදුවන දූෂණ හා වංචාවන් පිළිබඳව මෙරට ජනමාධ්‍ය මඟින් හෙලිදරව් කරන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත්, ‍රටේ මහජනතාවගේ මුදල් කාබාසිනියා කළොත්, සූරාකෑවොත් තරාතිරම නොබලා දිගින් දිගටම බියකින් තොරව හෙලිදරව් කරන ලෙස ජනමාධයෙන් ඉල්ලා සිටින බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා(23) දඹුල්ලේදී පැවසීය. 

දඹුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලක්ෂ 40 ක වියදමින් ඉදිකල නව මාතෘ සායනික ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව සභාවේ ප්‍රධාන ආරාසිතයා ලෙස සහභාගි වෙමින් මේ බව පැවසීය. මෙහිදී වැඩි දුරටත් අදහස් පල කළ අමාත්‍යවරයා ඉන්දියාවේ ජනමාධ්‍ය අප රටට වඩා ඉදිරියෙන් සිටිනවා. එරට මහජන මුදල් අයථා අයුරින් වංචා කරන. 

දූෂණයන් කරන අයට එරෙහිව ජනමාධ්‍ය මඟින් හෙලිදරව් කරලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න තත්වයට පොළබවනවා. වසර ගනනක් පැරණි දූෂණ හා වංචාවන් අනාරවණය කරනවා. අපේ රටේ ජනතාව සෑහිමකට පත්වෙන්නේ නැහැ. ජනතා මුදල් කබාසිනියා කරන අයට එරෙහිව දඬුවම් කළ යුතුයි. මට වුනත් වැරැද්දට අඬුවම් දිය යුතුයි. අද රෙටේ නීතියක් නැහැ. නීතිය ගරාවැටිල සමාජය ගරා වැටෙනවා, පිරිහෙනවා. මාධ්‍ය මඟින් රටේ සිදුවන හොර වැඩ, දූෂණ වැඩ, පල්වැඩ කිසිදු වියකින් තොරව හෙලිදරව් කළ යුතුයි ඔවුන්ට විරුද්ධව නීතිය ඉදියේ දඬුවම් කළ යුතුයි ජනතාව ඉදියේ දඬුවම් කළ යුතුයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all