Photobucket

Sunday, February 24, 2013

රුහුණු-මායා හටන අද සහ හෙට මොරටුවේදී

මෙවර තරගවාරයේ වාර්ෂික මහා ක්‍රිකට් තරග පෙළ අරඹමින් මහා ක්‍රිකට් තරග ක්ෂේත්‍රයට ළාබාල වුවද ක්‍රිකට් ක්‍රීඩාවෙන් නමක් දිනා සිටින දිවයිනේ ප්‍රධානතම බෞද්ධ පාසල් දෙකක් වන මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර දෙවැනි “රුහුණු - මායා හටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද සහ හෙට (22 හා 23දා) මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

“රුහුණු-මායා හටන” දෙවැනි තරගයේදී පස්වැනි වසරේ ක්‍රීඩක නඳුන් තරංග මාතර රාහුල විදුහල් පිල මෙහෙයවන අතර, පස්වැනි වසරේ ක්‍රීඩක ෂෙහාන් කහඳුගොඩ උප නායක ලෙස කටයුතු කරයි.  

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය මෙම දෙවිදුහල් අතරවන දෙවැනි මහා ක්‍රිකට් තරගයේදී සත්කාරක පාසල වශයෙන් කටයුතු කරයි. සත්කාරක ධර්මපාල පිල දෙවැනි වසරේ ක්‍රීඩකයකු වන සහන් චාමිකර විසින් මෙහෙයවන අතර, දෙවැනි වසරේ ක්‍රීඩක අශාන් ජයසංක උප නායක ලෙස කටයුතු කරයි.   

මෙවර වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටස යටතේ තරගවදිමින්  ධර්මපාල විද්‍යාලය තරග 12කට සහභාගිවී ඉන් තරග හතරක පළමු ඉනිමේ ජය ලබා ඇත. කොළඹ මහානාම, පානදුර ශ්‍රී සුමංගල, කොළඹ ඉසිපතන හා මීගමුව මාරිස්ටෙලා යන කණ්ඩායම් වලට එරෙහිව පළමු ඉනිමේ ජය ලබා ඇති අතර, මොරටුව වේල්ස් කුමර හා ගාල්ල මහින්ද විද්‍යාලය හමුවේ ධර්මපාලය පරාජයට පත්විය.
මාතර රාහුල විද්‍යාලය මෙවර තරගාවලියේදී දෙවැනි කොටස යටතේ තරග වදින අතර, මාරවිල ශාන්ත ෂේවියර්, රත්ගම දේවපතිරාජ, කෝට්ටේ ශාන්ත තෝමස් හා මතුගම ශාන්ත මරියා යන කණ්ඩායම්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ 4ක් වාර්තා කර ප්‍රබල තත්ත්වයක පසුවෙයි.

මීට අමතරව කැළණිය ශ්‍රී ධර්මාලෝක, කරන්දෙණිය ම.ම.වි., කොළඹ අසෝක හා කුරුණෑගල ශාන්ත ආනා යන කණ්ඩායම්වලට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබිමට ද සමත්වී සිටියි. රාහුල විද්‍යාලය මේ වන විට තරග 10කට සහභාගිවී සිටින අතර දෙවැනි කොටසේ තම කාණ්ඩයේ ඉදිරියෙන් සිටීමටද සමත්වී සිටියි.

පන්නිපිටිය ධර්මපාල විදුහල් ක්‍රිකට් සංචිතය
සහන් චාමිකර (නායක), අශාන් ජයසංක (උප නායක), විමුක්ති රදැල්ල, කුෂාන් ජයලත්, ප්‍රශාන් රත්නායක, හිමාෂ ලියනගේ, අසංක සමීර, තාරක හොඳමුණිගේ, සුපුන් චතුර, පසිඳු කේෂාන්, හර්ෂ ගාල්ලගේ, තරිඳු

ධනුෂ්ක, චමීන් හිමල්ක, තරිඳු මධුවන්ත, ජයම්පති බණ්ඩාර, බිමන්ත විසල්, ගිහාන් මධුසංක, සුසිල ගුණවර්ධන මහතා (පුහුණුකරු)
මාතර රාහුල විදුහල් ක්‍රිකට් සංචිතය

නඳුන් තරංග (නායක), ෂෙහාන් කහඳුගොඩ (උප නායක), පියුශාන් කුලතුංග, ළසිඳු නිම්සර, තරිඳු නරසිංහ, හර්ෂ රාජපක්ෂ, කළණ හසංග, මයුර ගලප්පත්ති, හරිඳු ජයසිංහ, රුක්ෂාන් ගුණවර්ධන, සහන් හෙන්දවිතාරණ, නිමේෂ් හෙට්ටිආරච්චි, හෂාන් ද සිල්වා, තිළිණ මානගේ, චාමික නුවන්, තමිඳු පල්ලියගුරු, රොහාන් ආරියතිලක මහතා (පුහුණුකරු)
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all