Photobucket

Thursday, February 21, 2013

ඉන්දීය වෘත්තීය සමිති දෙදින වැඩ වර්ජනයක

ඉන්දියානු රජය විසින් ගෙනැවිත් ඇති ආර්ථික ප්‍රතිසංස්කරණවලට විරෝධය දැක්වීම සඳහා එරට වෘත්තීය සමිති විසින් දෙදින වැඩ වර්ජනයක් අරඹා ඇති අතර එමගින් දුම්රිය හා මහා මාර්ග ගමනාගමනයටද බාධා පැමිණවීමට ඔවුහු බලා‍පොරොත්තු වන්නෝය. රාජ්‍ය බැංකු සේවයද වර්ජනය හේතුවෙන් අඩාල වනු ඇති බව කියැවේ.

වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය ප්‍රබලව පවතින බටහිර බෙංගාල හා කේරල ප්‍රාන්තවල වර්ජන හා උද්ඝෝෂණ දැවැන්ත මට්ටමින් පැවැත්වුණු අතර අගමැති ‘මන්මෝහන් සිං’ විසින් වර්ජනය රටේ ආර්ථිකයට ප්‍රබල හානියක් බව පවසමින් එය අත්හිටුවන ලෙස වෘත්තීය සමිතිවලට ඉල්ලීමක්ද කර තිබිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all