Photobucket

Wednesday, February 20, 2013

මහවැලි නිලධාරීන් ප්‍රාණ ඇපයට

ළමා උද්‍යානයක්‌ සඳහා වෙන්කර තිබූ ඉඩමක්‌ මහවැලි නිලධාරීන් විසින් ව්‍යාපාරිකයෙකුට ලබා දීම නිසා, කෝපයට පත් වැලිකන්ද සුසිරිගම වැසියෝ (19 දා) මහවැලි අධිකාරියේ උසස්‌ නිලධාරීන් කිහිප දෙනෙකු කාර්යාලය තුළ රඳවා දොරගුළු ලා වසා දැමූහ.

ඊයේ වැලිකන්ද සුසිරිගම කාර්යාලයේදී පැවැති රැස්‌වීමකදී අදාළ ඉඩම පිළිබඳ විසඳුමක්‌ නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගත විය. රුපියල් ලක්‍ෂ 35 කට අධික මුදලක්‌ වැය කර ඉදිකර ඇති සුසිරිගම ළමා මාතෘ සායනය සියලු පහසුකම්වලින් සමන්විත ගම්මාන පහක ජනතාවට ප්‍රයෝජනවත් ස්‌ථානයක්‌ බවත් ගම්වාසීහු කියති.

එම සායනයට යාබදව වී ගබාවක්‌ සඳහා ව්‍යාපාරිකයකුට ඉඩමක්‌ ලබා දීමෙන් ගැබිනි මවුවරුන්ට හා කුඩා දරුවන්ට බරපතළ ලෙස සෞඛ්‍ය ගැටලු ඇතිවීමට ඉඩ ඇති බවත්, මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාද දැනුම්වත් කර තිබියදී මහවැලි නිලධාරීන් විසින් ඔහුට අදාළ ඉඩම ලබාදීම ඉතා අසාධාරණ බවත්, ඩී/5/ඩී/7 බෙදුම් ඇළ ගොවි සංවිධානයේ ලේකම් එච්. ඩබ්. ජී. ජයරත්න මහතා පවසයි.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ද විරුද්ධත්වය දක්‌වන බව ද මහවැලි නිලධාරීන් විසින් වී ගබඩා සඳහා ව්‍යාපාරිකයන්ට ඉඩම් ලබාදීම වළක්‌වා දෙන ලෙස ද ගම්වාසීහු පැවසූහ.

කෙසේ වෙතත් මේ වනවිට එම ඉඩමට ස්‌ථිර වැටක්‌ ඉදිකර කළුගල් හා වැලිද ගෙනත් දමා ඇත. එම අවස්‌ථාවේ මහවැලි නිලධාරීන් විසින් නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයාගෙන් ලබා ගත් දුරකථන ඇමතුමකින් පසු දෙපිරිසම පිටව ගියහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all