Photobucket

Wednesday, February 20, 2013

මරණ දඬුවම නියම සිරකරුවා බන්ධනාගාර රෝහලේ එල්ලී මැරේ

මරණ දඬුවම නියම වී සිටි සිරකරුවෙක් කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලේදී ඉකුත් 17 වැනිදා එල්ලී සියදිවි හානි කරගෙන තිබේ. මත් ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වූ මෙම තැනැත්තාගේ බිරිඳ වෙනත් සබඳතාවක් ඇරඹීම හා දියණිය ඔහු බැලීමට නොපැමිණීම නිසා දැඩි මානසික පීඩාවට පත් වී සිටි මොහු වැලිකඩ බන්ධනාගාර ‍ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. 

පසුගිය නිදහස් දිනය දා සිය දියණිය තමන් බැලීමට පැමිණේ වි යැයි ඔහු සිතා සිටියත් එසේ නොවීම නිසා ඇති වූ සිත් වේදනාවෙන් ඇඳ රෙද්දක් ජනේලයක ගැට ගසා එහි එල්ලී දිවිනසා ගෙන තිබේ. මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් සඳහා බන්ධනාගාර රෝහලේ වෙනම කුටි ඇති බවත් මොහු එල්ලී මියයන අවස්ථාවේ එම කුටියේ වෙනත් තැනැත්තෙක් නොවූ බවත් ආරංචි මාර්ග පවසයි. 

මරණයට පත්වීමට පෙර තමන් පසුවන වේදනාකාරි තත්ත්වය පිළිබඳ මොහු විසින් ලිපියක් ලියා තිබූ බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all