Photobucket

Friday, February 22, 2013

කෝල් එකෙන් වැඩ වැරදී "වැලන්ටයින්" ගුටි කයි

පෙම්වතා සහ පෙම්වතිය පාසල් යන වයසේ පසු වුවද පෙම්වතා ඉකුත් වසරේ උසස්‌ පෙළට ලියා පාසල් ගමන නවතා තිබිණි. පෙම්වතිය තවමත්

පාසල් යන ශිෂ්‍යාවකි. දෙමාපියනට හොරා දෙදෙනා පෙමින් වෙලී සිටියහ. ළඟ එන වැලන්ටයින් පෙම්වතුන්ගේ දිනයේ දෙදෙනා හමුවීමට කතිකා කරගෙන සිටියහ.

වැලන්ටයින් දිනය උදාවිය. දෙදෙනා හමුවීමට කතිකා කරගෙන සිටි ස්‌ථානයට පෙම්වතා කල්තියාම පැමිණ සිටියේය. නමුත් තම ආදරවන්තිය ඒ වනවිට නියමිත ස්‌ථානයට පැමිණ නොසිටියෙන් ඔහු කලබල විය. පැයක්‌ම බලා සිටියේය. ඇය පැමිණියේ නැත. ඔහු තම ජංගම දුරකතනයෙන් පෙම්වතියගේ ජංගම දුරකතනයට කතා කළේය. දුරකතනය නාද වුවද පිළිතුරක්‌ ලැබුණේ නැත.

ඔහු නැවතත් එම අංකයට ඇමතීය. පිළිතුරු ලැබිණි.

"හලෝ ඔයා තාම මොකද කරන්නේ? මම මෙහෙට ඇවිල්ලා දැන් පැයකටත් වැඩියි".

දුරකතනයෙන් පිළිතුරක්‌ නැත. "හලෝ... මොකද කතා නැත්තෙ? අම්මලා දැන ගත්තද?"

"ආ.... ඔයා කොහෙද ඉන්නවා කීවේ?" "ඔයාට කියාපු තැන මතක නැද්ද? ඇයි...... බස්‌ නැවතුම් පළේ".

"අනේ මට ගානක්‌ නැති වුණා. ඉන්න මම ඉක්‌මනට එනවා". දුරකතනය විසන්ධි විය. "අපෝ යාන්තම් ඇති". ඔහු මග බලා සිටියේය. එකවරම ත්‍රිරෝද රථයක්‌ ඔහු ඉදිරියේ නතර විය. ත්‍රිරෝද රථයෙන් බැසගත් තරුණයන් දෙදෙනකු එකවරම පෙම්වතා අල්ලා ගත්හ. තවත් කාන්තාවක්‌ ත්‍රිරෝද රථය ඇතුළේය.

"පෙම්වතිය එනකන් නේද බලාගෙන ඉන්නෙ", කියමින් තරුණයන් දෙදෙනා පෙම්වතා අල්ලාගෙන හොඳටම සැලකූහ. "යකෝ කෙල්ලකුට පාරේ යන්න දෙන්නේ නැහැ. දැන්මම කුලප්පුව හදාගෙන" - මීට පස්‌සෙ මේව තියා ගත්තොත් වඩ වරදීවි" යනවා යන්න. පෙම්වතා හෙමි සීරුවේ මාරුවිය. "කෝල් එකට ආන්ස්‌වර් කරල තියෙන්නේ අරයගෙ අම්මනෙ" ඔහු තමාටම කියා ගත්තේය. "වැලන්ටයින් දවසේ හමුවන්න හිතුව මදැ... ඇති ඔයින් බේරුනා" ආදර වන්තයන්ගේ දිනය ගෙවුනේ ඔය විදියටලු.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all