ජා ඇල ජයන්ති විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක ගෙල වැලලාගෙන
මියයැමේ සිද්ධියක් වාර්තා විය.
මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ ජා-ඇල ශ්‍රී බෝධිරාජාරාම පාරේ පදිංචිව සිටි ඩබ්. ඒ.
දිල්රුක්‍ෂි උදයංගනී නමැති 11 හැවිරිදි ශිෂ්‍යාවකි.
මේ සිද්ධිය සැලවීමත් සමඟ තොරතුරු විමසීම සඳහා ශිෂ්‍යාවගේ නිවස වෙත අපි ගියෙමු. ඒ යනවිටත් ශිෂ්‍යාවගේ නිසල දේහය තැන්පත් කර තිබුණි. ලෑලි ගසා තහඩු සෙවිලි කර තිබූ නිවසේ ශිෂ්‍යාවගේ දේහය තබා ගැනීමටවත් ඉඩක් නොතිබිණි. මෙහි දී කතා කළ මියගිය ශිෂ්‍යාවගේ ආච්චි අම්මා වන මුත්තයියා අන්නසීලි (67) මහත්මිය මෙසේ පැවැසුවාය.
"මගේ දුව වන ආරුමුගම් ජීවරාණිත්, ඇගේ ලොකු දුව වන පුමේනිකා උදයංගනීත් කොළඹ ටී බෑන්ස් ආයතනයේ වැඩට යනවා. බෑණා මේසන් වැඩ කරනවා. සේරම එන්නේ රෑටයි. දිල්රුක්‍ෂි දුව අපේ ගෙදර රූපවාහිනිය බලලා 4 ට විතර ගියා මල් කඩලා පහන තියන්න ඕන කියලා".
"ඒ වෙලාවට කාටුන් යනවා. ළමයා ටී.වී. එක දාලා තිබෙනවා. ඒක වැඩ කරලා නැහැ. ඒවා හදන්න දන්න සමන්තව බලන්න ගොස් තිබෙනවා. එයා ඉඳලා නැහැ. ආපසු පැමිණ ඇය එල්ලිලා මැරිලා තිබුණා".
මියගිය ශිෂ්‍යාවගේ මව වන ජීවරාණි මහත්මිය මෙසේ කීවාය. "අනේ මගේ රත්තරං දුවට වෙච්ච දෙයක්. අපි වැඩට යනවා. දුව ඔළුව කැක්‌කුමයි කියලා අද පාසල් ගියේ නැහැ. ඇය ටී.වී. එක කැඩිලයි කියලා හිතුවාට එය කැඩී නැහැ. කරන්ට් එක කපලයි තිබී තිබෙන්නේ. මෙහේ නිතරම කරන්ට් යනවා".
මියගිය ශිෂ්‍යාවගේ අවසන් කටයුතු පසුගියදා කපුවත්ත පොදු සුසාන භූමියේ දී සිදුකෙරිණි.

0 comments:
Post a Comment