Photobucket

Saturday, February 23, 2013

වැඩිහිටියන් නිවසින් පිටව යන තුරු බලා සිට නිවසට පැන තරුණිය ඝාතනය කරයි

නිවසේ වැඩිහිටියන් පිටවී යන තුරු සැගවී සිටි පුද්ගලයෙක් එම නිවසට ඇතුඑ වී එහි සිටි 16 හැවරිදි තරුණියක් (23) උදේ අමානුෂික ලෙස ඝාතනය කර තිබේ. මෙසේ මරුමුවට පත්වී ඇත්තේ පලිහවඩනගේ දිනේෂිකා මධුරංගි ප්‍රනාන්දු නැමති තරුණියකි. 

 මීගමුව, කිඹුලාපිටිය, ළිදපාර, ඇස්වැද්දුම පිහිටි අංක 372/2 දරණ නිවසේ මෙම සාහසික අපරාධය අද උදේ 8.30ට පමණ සිදූවී තිබේ. දිනේෂිකාගේ දෙමාව්පියෝ සුපුරුදු පරිදි අද උදේ රැකියා සදහා පිටත්ව ගොස් තිබේ. ඇගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනාද නිවසින් පිටව ගොස් ඇත. මේ සියල්ල අපරාධකරුවා එම නිවස පිළිකන්නේ පිහිටි මඩුවක සැගවී බලා සිට ඇතැයි අනාවරණය වේ. අනතුරුව මොහු නිවසේ පිටුපස දොරෙන් ඇතුඑ වී කොන්ක්‍රීට් ගලකින් දිනේෂිකාගේ හිසට පහර දී ඇත. පසුව පිහියකින් ඇගේ ගෙලට ඇන තිබේ. දිනේෂිකා එම අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර අපරාධකරුවා නිවසේ ඉදිරි පස දොරෙන් පලාගොස් තිබේ. මොහු කවුදැයි මීගමු පොලීසිය හදුනාගෙන තිබේ. 

ඔහු වයස අවු 21 පමණ වන අයෙකි. කිඹුලාපිටියේ රතිඤ්ඤා මඩුවක වැඩ කරයි. ඔහුගේ ගම බලංගොඩය. පදිංචි වී සිටින්නේ කිඹුලාපිටිය ඉද්දගොඩැල්ලේය. මිය ගිය දිනේෂිකා සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු නිවසේ පසු වී ඇති අතර මෙම අපරාධයට හේතුව ප්‍රේම සම්බන්ධයක් දැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි. මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්ථාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමු පොලීසියට නියෝග කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all