Photobucket

Sunday, February 24, 2013

‘හලාල්’ ගැන ගත් පියවර හොඳයි

හලාල් ලේබලය සහිත භාණ්ඩ මුස්ලිම් ජාතිකයින්ට පමණක් අලෙවි කිරීමට කටයුතු යොදන ලෙසටත් අන්‍යාගමිකයන් සඳහා එම භාණ්ඩ අලෙවි නොකරන ලෙසටත් ගෙන ඇති තීරණය පිළිබඳව බොදු බල සේනා සංවිධානය සිය සතුට පළකරයි.

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩ අත්තේ ඥානසිරි හිමියන් ප්‍රකාශ කළේ මේ වන විට මේ ප්‍රශ්නය විසඳීමේ පෙර නිමිති පහළ වී ඇති බැවින් ඉදිරියේදී අන්‍යාගමිකයින්ට අසාධාරණයක් ඇති නොවන ආකාරයක විසඳුමක් ලබාගැනීමේ බලාපොරොත්තු තබාගත හැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිති.

බොදු බල සේනා සංවිධානය ගත් පියවරට ප්‍රතිචාර දක්වමින් මේ ආකාරයේ තීරණයක් ගැනීම පිළිබඳව ද උන්වහන්සේ සතුට ප්‍රකාශ කළහ.

අනෙකුත් පාර්ශ්වයන්ට අසාධාරණයක් නොවන අයුරින් හලාල් ලේබලය සහිත භාණ්ඩ මුස්ලිම් ජාතිකයන්ට පමණක් අලෙවි කිරීමට පියවර ගන්නැයි ඉල්ලා සිටියේ ජම් ඉයියතුල් උලමා සංවිධානය විසිනි.

මේ සම්බන්ධයෙන් ඔවුන් අදහස් ප්‍රකාශ කළේ පසුගියදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all