කැලණිය හා මීරිගම ප්‍රාදේශීය සභාවලට එල්ල වී ඇති චෝදනා
සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කොමිසම් හමුවේ පෙනී සිටින ලෙස
එම සභා දෙකේ සභාපතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට (18
වැනිදා) නොතීසි නිකුත් කර ඇත.
මේ අනුව කැලණිය ප්‍රාදේශීය සභාවට එල්ල වී ඇති චෝදනා 4 ක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ලබන 22 වැනිදාත්, මීරිගම ප්‍රාදේශීය සභාවට එල්ල වී ඇති චෝදනා 9 ක් සම්බන්ධයෙන් මාර්තු 04 වැනිදාත් කොමිෂන් සභා කොළඹ 07 ශ්‍රාවස්‌ති මන්දිරයේ රැස්‌වීම් ශාලාවේදී විමර්ශන ආරම්භ කරන බව බස්‌නාහිර පළාත් සභාවේ උසස් නිලධාරියෙක් "දිවයින" ට (18 වැනිදා) පැවසීය.
කැලණිය ප්‍රාදේශීය සභාවේ චෝදනා විමර්ශනය කරන කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඩඩ්ලි කරුණාරත්න මහතා කටයුතු කරයි. මීරිගම ප්‍රාදේශීය සභාවේ චෝදනා විමර්ශනය කරන කොමිසමේ සභාපති වන්නේ විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු බී. එල්. කේ. විමලචන්ද්‍ර මහතායි.
බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට පළාත් සභාවේ 1991 අංක 04 දරන පළාත් පාලන ආයතනවල පරිපාලනය අධීක්‍ෂණය කිරීමේ බලතල ප්‍රකාරව මෙම කොමිෂන් සභා දෙක පත්කර තිබෙන අතර කොමිෂන් සභා හමුවේ ප්‍රාදේශීය සභා වැරදිකරුවන් වුවහොත් ඒවායේ මන්ත්‍රීධුර අහෝසි කර විශේෂ කොමසාරිස්‌වරුන් දෙදෙනකු යටතට සභාවන්හි බලය පැවරීමට මහ ඇමැතිවරයාට හැකි වේ.
0 comments:
Post a Comment