Photobucket

Tuesday, February 19, 2013

යුග දිවියේ මිහිර විඳින්න මාරයා ඉඩ දුන්නේ මාස 5 යි

ජීවිතයේ මිහිරියාව ලබන්න මාරයා ඔහුට ඉඩ තැබුවේ නැත. සිය පෙම්වතිය සමඟ විවාහ ජීවිතයට පිවිස මාස 5 ක් යන්නටත් මත්තෙන් ඇය මෙලොව තනි කර ඉකුත් 07 වැනිදා මාරක රිය අනතුරකට මුහුණපා දිවියෙන් සමුගත් තරුණයකු පිළිබඳ සිද්ධියක් ජාඇළ තුඩැල්ල ප්‍රදේශයෙන් අනාවරණය වෙයි.

මෙසේ අවාසනාවන්ත අයුරින් මියගොස් ඇත්තේ අංක 49/5, තුඩැල්ල, ජාඇළ ලිපිනයේ පදිංචිව සිටි ප්‍රියශාන් කෞශල්‍ය නැමැති 25 හැවිරිදි විවාහක තරුණයෙකි.

සීදූව අම්බලන්මුල්ල පෞද්ගලික ආයතනයක කෞශල්‍ය සේවය කළ අතර ඔහුගේ අතගත් ජීවනී මධුරන්ති නැමැති 25 හැවිරිදි තරුණිය ද ජාඇළ ස්ටූඩියෝවක සේවය කළාය.

මෙම යුවළගේ සොඳුරු ජීවිතය අඳුරු වළාවකින් වසා විණ කරන්නට මාරයා අත ළඟ සිටින බව කෞශල්‍ය සිහිනයකින්වත් නොසිතන්නට ඇත.

මංගල්‍ය සීනු හඬවා මාස 5 ක් වත් දුර නොයන්න සිත් පිත් නැති මාරයා පසුගිය පෙබරවාරි මස 07 වැනිදා කෞශල්‍ය ඩැහැගන්න සැලැසුම් කරගෙන සිටි බවක් නොදැන සිටි ඔහු සිය සහෝදරයා සමඟ උදෑසන 7.00 ට පමණ යතුරුපැදියට නැඟී සිය බිරියට ගිහින් එන්නම් කියා ගම්පහ බලා පිටත් වූයේ සිය වාහන ගමන් බලපත්‍රය ලබා ගැනීමටය.

ගම්පහ වාහන බලපත්‍රය නිකුත් කරන කාර්යාලයේ වාහන බලපත්‍රය ලබාගෙන සොහොයුරා යතුරුපැදිය පදවද්දී කෞශල්‍ය පිටිපස හිඳගෙන සිටියේය.

සුළඟ කපාගෙන වාහනය ඉදිරියට ඇදී ගියේය. වෙලාව සවස 3.00 ට පමණ විය. ඒ මාරයාගේ හෝරාව බැව් කෞශල්‍ය නොසිතන්නට ඇත. කවුඩන්ගහ වංගුවේ අංක 261 ලංගම බස් රථයක් නවතා තිබෙන බවක් යතුරුපැදිය ධාවනය කරගෙන ගිය කෞශල්‍යගේ අයියා නොදුටුවා විය හැක. 

පවනට බඳු වේගයෙන් දෙදෙනා පැමිණි යතුරුපැදිය බස් රථයේ හැපෙද්දී යතුරුපැදියෙන් අයියා පිටතට විසි වූ අතර මල්ලී කෞශල්‍ය බස් රථයට විසි වී ඇත්තේ විදුලි සැරයකින් මෙනි.
හිසට බරපතළ තුවාල සහිතව සිටි කෞශල්‍යව අවට සිටි පිරිස වහා රාගම රෝහලට යවන ලදුව ඔහුගේ තත්ත්වය බරපතළ නිසා රාගම රෝහලින් කොළඹ ජාතික රෝහල වෙත යවනු ලැබූ අතර එහි හදිසි ඒකකයේ දී ඔහු අවසන් ගමන් ගියේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all