Photobucket

Tuesday, February 26, 2013

පෙම්වතා නිසා පච්ච මකයි

ජනප්‍රිය නිළියක වන ඩෲ බැරිමෝර් කාලයක් තිස්සේ පච්ච කලාවට ඇලුම් කළා. ඇය ඒ නිසාම තම සිරුර පුරාම නොයෙකුත් මාදිලියේ සිතුවම් පච්ච කොටාගෙන සිටියා. හොලිවුඩ්පුර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇයගේ උදරය මත සමනලයෙකුගේ රුවක් ද, පාදයක කුරුසයක් ද, ශරීරයේ පිටුපස ප්‍රදේශයෙහි සුරංගනාවියකගේ රුවක් ද, උකුල ප්‍රදේශයෙහි මල් කළඹක් ද පච්ච කොටාගෙන තිබූ බවයි.

මේ වන විට 37 වැනි වියෙහි පසුවන ඩෲ, හදිසියේම තීරණය කළේ මේ පච්ච සිතුවම් වහාම ඉවත් කර දැමීමටයි. මේ හදිසි තීරණයට හේතුව කුමක්දැයි ඇය නොපැවසුව ද ඇයගේ හිතවතුන්, හිතවතියන් පැවසුවේ පෙම්වතාගේ බලපෑම නිසා ඩෲ මෙවැන්නක් සිදුකළ බවයි. ඇයගේ පෙම්වතා යුදෙව් ජාතිකයෙක්. ඔහුගේ දෙමව්පියන් ද යුදෙව් ජාතිකයන්. ඔවුන්ගේ ද බලපෑම නිසා ඩෲ තම සිරුරේ මෙතෙක් රඳවාගෙන සිටි සිතුවම් මකා දැමීමට පෙලඹුණු බවයි පැවසෙන්නේ. මින් මතුවට මෙවැනි පච්ච කෙටීම්වලින් ඈත්ව සිටින බවයි ඩෲ බැරිමෝර් පවසන්නේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all