සංචාරක
ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම සහ ඉන්දියාව අතර චෙන්නායිහි
පැවැත්වෙන ටෙස්‌ට් තරගයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කරනු ලබන
කුමාර් ධර්මසේනට එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිතවාදීන් පිරිසක්
විසින් විරෝධතාවයක් දක්‌වා තිබේ.

චිදම්බරම් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී එල්. ටී. ටී. ඊ. හිතවාදී zතන්තායි පෙරියර් ද්‍රවිඩ කසගම්Z නමැති සංවිධානයේ ආධාරකරුවන් පිරිසක් කලූ පැහැති ඇඳුම් ඇඳ ධර්මසේනට එරෙහිව විරෝධය පළ කර තිබේ.
අදාළ විරෝධතාව සඳහා පුද්ගලයන් 40 දෙනෙකු පමණ එක්‌වී තිබෙන අතර ඔවුන්ගෙන් 20 දෙනෙකු පමණ ඉන්දීය ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පසුව ඔවුන්ව මුදා හැර ඇති බව එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.
තරගය ආරම්භ වීමට ආසන්න අවස්‌ථාවේදී ක්‍රීඩාංගණය දෙසට එක්‌වී තිබෙන මෙම එල්. ටී. ටී. හිතවාදීන්, මෙම තරගයේ විනිශ්චය කිරීමෙන් ධර්මසේනව ඉවත් කොට නැවතත් ශ්‍රී ලංකාවට යෑවිය යුතු බවට මෙහිදී සඳහන් කර තිබේ.
0 comments:
Post a Comment