Photobucket

Tuesday, February 26, 2013

මුස්ලිම් ජාතික දරුවෙක් සසුන් බිමට

කොස්වත්ත දුටුගැමුණු මාවතේ පදිංචි මුස්ලිම් ජාතික දරුවකු තලංගම නාභීත නමින් පසුගියදා සසුන්ගත විය. මොහොමඩ් සබ්ප්‍රාස් නමැති මේ දරුවා මොහොමඩ් අනිසා සෙනුල් මහතාගේ තෙවන දරුවා වන අතර ඔහුගේ පූර්ණ

ආශිර්වාදයෙන් මේ සසුන්ගත කිරීම සිදු කෙරිණි. අමරපුර දමලි සිරිසුමන පාර්ශ්වයේ අනුනායක ශ්‍රී දෙව්රම් විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ අනුශාසකත්වයෙන් කොස්වත්ත අටේ කණුව ලුම්බිණි විවේක සේනාසනයේදී එහි විහාරාධිපති තලවතුගොඩ ශ්‍රී සද්ධා මංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේ 24 වැනි සාමනේර හිමි වශයෙන් සසුනට එක්වූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all