Photobucket

Thursday, February 21, 2013

පි‍්‍රයංකාට මනාලයෙක්

“මම තාම විවාහයක් ගැන හිතල නැහැ. මේ කාලෙ මම වැඩි තැනක් දෙන්නෙ චිත්‍රපටවල රඟපෑමට මිසක විවාහය ගැන හිතන්න නෙමෙයි.” සුරූපී නිළි පි‍්‍රයංකා චොප්රා පසුගිය කාලය පුරාම වරින් වර මේ කතාව කියා තිබෙනවා. ඇය මේ කතාව කියන කාලයේ දී පැතිරුණු කතන්දර වල නිමක් නැහැ. එක වතාවකදී බොලිවුඩ්පුරයේ යොවුන් නළුවෙකුගේ නමක් ඇයගේ නමට ඈඳෙනවා. තවත් වතාවකදී තවත් යොවුන් නළුවෙකුගේ නමක්! ඒ විතරක් ද? ඇයට වඩා වැඩිමහලු විවාහක නළුවන්ගේ නම් පවා ඇයගේ නම සමඟ පැටලුණා. සුපිරි නළු ශාරුක්ගේ නම තමයි, මේ අතරින් මතුවී පෙනුණේ. පි‍්‍රයංකා සහ ශාරුක් අතර පවතිනවා යැයි එදා පැවසුණු මේ කතාව තවමත් නිමා වී නැහැ.

මේවා කටකතා ද, ඇත්ත කතා ද? ඒ ගැන කියන්න කවුරුන්වත් හරියට දන්නෙ නැහැ. කොහොම වෙතත් මේ කයි කතන්දර ගණන් නොගත් පි‍්‍රයංකාගේ මවත් පියාත් ඇයට ගැළපෙන සහකාරයෙකු සොයන්නට උත්සාහ ගත්තා. පසුගිය දිනවල රෝගාතුරව සිටිය පි‍්‍රයංකාගේ පියා වන වෛද්‍ය අශෝක් චොප්රාත් මවත්, පි‍්‍රයංකා ගේ අනාගත සැමියා සොයන්නට ගත් උත්සාහයෙන් දැන් සතුටට පත්වෙලා. 

දෙදෙනාගේ බලාපොරොත්තුව ඉටුවෙලා. පි‍්‍රයංකාට ගැළපෙන සහකාරයෙකු ඇයට ලැබිලා. ඔහු බොලිවුඩ් සිනමාවේ තරුවක් නම් නොවෙයි. මහා ධනවත් ව්‍යාපාරිකයෙකුත් නොවෙයි. ඉන්දියාවේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නළුවෙක්. ඔහු තමයි, මොහිට් රයිනා. මේ කඩවසම් යෞවනයා වඩාත් ප්‍රචලිත වී ඇත්තේ ඉන්දියාවේ විකාශය වූ ඓතිහාසික දේව කතාවක් රැගත් ටෙලිනාට්‍යයක මහාදේව් නම් වූ චරිතයක් නිරූපණය කිරීම නිසයි.

මොහිට් රයිනාට පි‍්‍රයංකාව විවාහ කර දෙන්නට මේ වන විට ඇයගේ දෙමව්පියන් කටයුතු ලක ලැහැස්ති කරමින් සිටිනවා. මේ ගැන වගතුග දැනගත් ඉන්දීය මාධ්‍යවේදියෙකු පි‍්‍රයංකාගෙන් වැඩිදුර විස්තර අසා සිටියා. ඔහු ප්‍රශ්න ඇසූ විලාසයෙන්ම පි‍්‍රයංකාට කිසිවක් සඟවන්නට හැකි වුණේ නැහැ. ඒ නිසා මීට කලින් කියූ කතා මෙහිදී ‘වලංගු’ නොවන බව පි‍්‍රයංකාට වැටහුණා. ලජ්ජාවෙන් මුහුණ රතු කර ගත් මේ සුපිරි නිළිය ඇත්තම කියා සිටියා. “ඔව්, අම්මයි තාත්තයි මට යෝජනාවක් ගෙනල්ලා. 

එයා තමයි, මොහිට් රයිනා. එයා දැන් වඩාත්ම ජනපි‍්‍රය වෙලා ඉන්නෙ මහාදේව් හැටියටයි.” ඇය මෙතෙක් සඟවාගෙන සිටි රහස හෙළිදරව් කළා. පි‍්‍රයංකාගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදියා, ඉන් පසුව යොමුවුණේ මොහිට් වෙතටයි. නුදුරු දිනයකදී පි‍්‍රයංකාව විවාහ කරගන්නට බලාපොරොත්තු වන්නේ දැයි යන ප්‍රශ්නය මොහිට් වෙත දුරකථනයෙන් යොමු වුවත් ඔහුගෙන් නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. ඔහු නිශ්ශබ්දතාව ‘ආරක්ෂා කළා.’ සතුට වැඩිකම නිසා කියා ගන්න වචන නැතුවාවත් ද? එහෙමත් නැතිනම් කරුණු වසන් කරන්නට ඔහු උත්සාහ ගත්තා වත්දැයි කියන්නට බැහැ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all