Photobucket

Thursday, February 21, 2013

චූඩා මාණික්‍යයක් විකිණීමට ගෙනයද්දී අත්අඩංගුවේ

චෛත්‍යයයක චුඩා මාණික්‍යයක් රුපියල් ලක්ෂ 1.5 කට විකිණීමට ත්‍රි රෝද රථයකින් ගෙන යමින් සිටිය පුද්ගලයකු හසලක මිල්ලගස්හන්දියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් පුද්ගලයා හසලක ප්‍රදේශයේ පදිංච් 45 හැවිරිදි අයෙකු වන අතර මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිතය. 

මෙම චුඩා මාණික්‍ය මේවන තුරු කිනම් ප්‍රදේශයක කිනම් ‍‍චෛත්‍යයයකින් සොරකම් කළ එකක්ද යන්න හඳුනාගෙන නොමැති අතර එය හඳුනාගැනීම සඳහා හසලක පොලිසිය මහජන සහය පතයි. චුඩා මාණික්‍යයේ උස සෙන්ටිමීටර්10 උස අතර වට ප්‍රමාණය සෙන්ටිමීටර් 15 කි. 

එහි බර ග්රෑම් 295කි. එහි හැඩය කුඩා කොසෙල්මුවයක හැඩයක් ගනී. අත්අඩංගුවට ගත් පුද්ගලයා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තෙල්දෙනිය සහකාර පොලිස් අධිකාරී තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි හසලක පොලිසියේ ස්ථානාධිපති රුවන් කුමාරසේකර මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් පරීක්ෂක සේනාරත්න මහතාගේ මගපෙන්වීමෙන් පො.සැ. 23332 රාජපක්ෂ, පො.සැ. 34874 නවරත්න පො.කො. 35131 රත්නායක වන නිලධාරීන් මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all