Photobucket

Thursday, February 21, 2013

අනුග්‍රාහකයෝ පිස්ටෝරියස් හැර යති

මිනිමැරුම් චෝදනා එල්ලවී සිටින දකුණු අප්‍රිකාවේ සුප්‍රකට පැරාලිම්පික් ශූරයා වන ඔස්කාර් පිස්ටෝරියස්ගේ ප්‍රධානතම අනුග්‍රාහක ආයතන වන අමෙරිකාවේ 'නයික්' සහ 'ඕක්ලේ' සිය අනුග්‍රාහකත්වය අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

පසුගිය වසරේ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී කෘත්‍රිම පාද සහිතව තරග වැදුණු පිස්ටෝරියස්ගේ ජනප්‍රියත්වය හේතුවෙන් ලෝක ප්‍රකට වෙළෙඳ සමාගම් ඔහුට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වූහ‍. 

එහෙත් පෙම්වතිය ඝාතනය කිරීමේ චෝදනා එල්ලවීමෙන් පසුව ඔහුට ඇතිවූ අපකීර්තිය හේතුවෙන් අනුග්‍රාහක්ව ගිවිසුම් අවලංගු කරන බව ඔවූහූ පවසති.

ලොව ප්‍රධානතම ක්‍රීඩා ඇඟළුම් සහ ක්‍රීඩා භාණ්ඩ නිශ්පාදනය කරන නයික් සමාගම තවදුරටත් පිස්ටෝරියස් සමග කටයුතු නොකරන බව එම සමාගමේ ප්‍රකාශකයකු පැවැසීය. 

එමෙන්ම අව් කණ්නාඩි නිශ්පාදනයෙන් ලොව ජයගත් ඕක්ලේ සමාගම ද වහාම ක්‍රියාත්මක වන පරිදි පිස්ටෝරියස් සමග ඇතිකරගත් අනුග්‍රාහකත්ව ගිවිසුම අවලංගු කළේය. පසුගිය කාලය පුරාම මේ සමාගම්වල අනුග්‍රාහකත්වය ලැබීමෙන් ‍අමෙරිකානු ඩොලර් මිලියන ගණනාවක් උපයාගැනීමට පිස්ටෝරියස් සමත්විය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all