Photobucket

Thursday, February 21, 2013

එජාප මන්ත්‍රීන් 28කට සිරිකොත තහනම්

එක්‌සත් ජාතික පක්‌ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 28 දෙනකු කිසිම හේතුවක්‌ නිසා හෝ පක්‌ෂ මූලස්‌ථානය වන සිරිකොතට ඇතුළත් කර නොගත යුතු යෑයි එම පක්‌ෂය විසින් තහනමක්‌ පනවා ඇත.

ඒ අනුව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුට, පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනකුට පළාත් පාලන කණ්‌ඩායම් නායකයින් 11 දෙනකුට, කණ්‌ඩායම් සංවිධායකයින් දෙදෙනකු ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 10 දෙනකුට මෙලෙස සිරිකොතට ඇතුළු වීම තහනම් කර තිබේ. පුත්තලම දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්‌ඩාර, කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක්‌ අබේසිංහ යන මහත්වරුන්ට සිරිකොත තහනම්කොට ඇත.

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්‌තිලක මහතාට සහ දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාට ද මෙම තහනම පනවා තිබේ.

මීට අමතරව පළාත් පාලන ආයතන නියෝජනය කරන කණ්‌ඩායම් නායකයන්, සංවිධායකයන් සහ අනුර බණ්‌ඩාර නවරත්න (නිකවැරටිය), එල්. අනුෂ්ක ප්‍රියශාන්ත (ආණමඩුව), ඡේ. එම්. අරුණ ජයලත්, (අලව්ව), කේ. ඡේ. ඒa. අසේල ප්‍රේමලාල් (ආණමඩුව), ජී. චමින්ද සෝමරත්න (කුරුණෑගල), ඡේ. එම්. කපිල බණ්‌ඩාර (නිකවැරටිය), නිමල් ඒකනායක (පුත්තලම), ආර්. එස්‌. දිනපූර්ණ (නාරම්මල), සමන් චන්ද්‍රසිරි (නිකවැරටිය), එච්. සුනිල් නිශ්ශංක (කරුවලගස්‌වැව), එස්‌. ඒ. ඩී. විජිත ප්‍රේමලාල් (කොබෙයිගනේ), සංජීව ප්‍රසන්න කුමාර (උඩුබද්දාව), ටී. සමන්සිරි පීරිස්‌ (පඬුවස්‌නුවර), යූ. ඩී. ජානක තිලකසිරි (පඬුවස්‌නුවර), ඇම්. ජී. හේමචන්ද්‍ර කුලරත්න (බිංගිරිය), තුෂාර සම්පත් රණසිංහ (පන්නල), ඒ. ඒ. අමිල උදයරුවන් (බියගම), අශෝක ගුණසිරි (කැකිරාව), එච්. එම්. මහින්ද රාජකරුණා (ගලෙන්බිඳුනුවැව), කේ. බී. මුණසිංහ (තිරප්පනේ), ප්‍රසන්න සුගත් හේරත් (ඉපලෝගම), ඒ. එම්. සී. එන්. සාලියරත්න (රඹෑව), ජී. තිලකරත්න (කහටගස්‌දිගිලිය), යන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ නම්ද මීට ඇතුළත් වේ.

එජාපයේ පරිපාලන අධ්‍යක්‌ෂ පී. බී. මැදගෙදර මහතා විසින් මේ බව දන්වා සිරිකොත ආරක්‍ෂක කටයුතුවල නිරතවන පෞද්ගලික ආයතනයේ ආරක්‍ෂක අංශ ප්‍රධානියා වෙත ලිතව දන්වා ඇති අතර ඉහත නම් සඳහන් කිසිවකුට කිසියම් හේතුවක්‌ මත සිරිකොත පක්‌ෂ මූලස්‌ථානයට ඇතුළුවීමට නම් තමාගෙන් හෝ එජාප මහලේකම්වරයාගෙන් අනුමැතිය ලබා ගතයුතු යෑයිද මැදගෙදර මහතා දන්වා සිටී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all