Photobucket

Thursday, February 21, 2013

"දළදා මැදුර අවට බාර් වහන්නට බලයක්‌ නෑ මට"

දළදා මාලිගාව අවට පවතින මත්පැන්හල් ඉවත් කිරිමට තමන්ට බලයක්‌ නැතැයි සුරාබදු කොමසාරිස්‌ ජනරාල් වසන්ත හපුආරච්චි මහතා (20 වැනිදා) පැවැසීය.

2008 අප්‍රේල් 10 වැනිදා නිකුත් වූ ගැසට්‌ නිවේදන අංක 902 මගින් යම් ස්‌ථානයක වසර දහයකට (10) කට වැඩි කාලයක්‌ මත්පැන්හලක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත්නම් එය ඉවත් කිරීමට තමන්ට හැකියාවක්‌ නැති බව දැනුම් දී ඇතැයි ද හපුආරච්චි මහතා කීය.

දළදා මාලිගාව අවට පවතින මත්පැන්හල් සියල්ල වසර දහයකට වැඩි කාලයක්‌ එම ස්‌ථානයේ පවත්වාගෙන ගොස්‌ තිබෙන බවත්, ඒවා ඉවත් කිරීමට නම් අංක 902 යන ගැසට්‌ නිවේදනය මුදල් ඇමැතිවරයා විසින් සංශෝධනය කර නැවත ප්‍රකාශයට පත් කළ යුතු බවත්, හෙතෙම අවධාරණය කර සිටියේය. මේ සම්බන්ධයෙන් රජය දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all