Photobucket

Saturday, February 23, 2013

නොරොච්චෝලේ සමග ඇහෙන චීන කරච්චලේ!

අප බලාපොරොත්තු උපදවාගන්නටත් පෙර ඒවා කඩා බිඳෙන ආකාරය දකින්නට උපන් මිනිසුන්ය. ඒ බලාපොරොත්තු දුක හිතෙන විදිහට බිඳවැටුණ ආකාරය පෙළගස්‌වා තේරුමක්‌ නැත. නොරොච්චෝලේ පිහිටුවන ලද ලක්‌විජය බලාගාරයත් එවැනි බිඳවැටුණු බලාපොරොත්තුවක්‌ පමණය. එහෙත් අපව පාරමින් යළි යළිත් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ගැන රට කතා කරමින් හිඳී. 

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය පිළිබඳ සංකල්පය පහළ වන්නේ රටේ ප්‍රාර්ථනාවක්‌ ලෙසය. බලාගාරය සැලසුම් වන්නේ රටේ ප්‍රධානම බලශක්‌ති උත්පාදකයා ලෙසය. ජාතියේ බලශක්‌ති සම්පත ලෙසය. එහෙත් බලාගාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ වූදා සිට ඇසුනේ ගර්හිත බිඳවටීම්ය. නොරොච්චෝලේ ගැන කතා කළේ එහි ක්‍රියා විරහිත දුක්‌ත තත්වය ගැන කියන්නටය. පසුගිය වසරේ අගෝස්‌තු මස 22 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්‌ කළ එවකට විදුලිබල හා බලශක්‌ති ඇමැති චම්පික රණවක නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය විවෘත කළ පසු ඒ දක්‌වා අවස්‌ථා රේළහකදී එය අක්‍රීය වු බව පැවසුවේය. ලංකා විදුලිබල මණ්‌ඩලයේ හිටපු සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම බීබීසි ලෝක සේවයට ප්‍රකාශයක්‌ කරමින් කියා සිටියේ බලාගාරය ඉදිකළ චීන සමාගම මෙම බලාගාරය ඉදිකරන්නට භාවිත කර තිබුණේ බාල තත්ත්වයේ උපාංග බවය. එහි ප්‍රමිතිය පිළිබඳ බරපතල ගැටලු පැනනැගී ඇති බවය. මෙම ගල් අඟුරු බලාගාරයේ නිතර තාක්‌ෂණික ප්‍රශ්න ඇතිවන්නේ එහි මෙහෙයුම් හා නඩත්තු කටයුතු අපේක්‌ෂාවෙන් සිටිනා චීන සමාගමේ කුමන්ත්‍රණයක්‌ නිසා බව විදුලිබල මණ්‌ඩලයේ තාක්‌ෂණික සේවා වෘත්තීය සමිතියේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහායක යූ. ආර්. සේනාරත්න කියා තිබුණේය.

සමහරදාට බලාගාරයේ නළ පද්ධති පුපුරා ගියේය. සමහර වෑල් වලින් හුමාලය කාන්දු වුණේaය. විදුලි උත්පාදන යන්ත්‍ර රත්වීමට හා සිසිලනය වීමට දින ගණනාවක්‌ යන බව විදුලිබල මණ්‌ඩලයේ හිටපු සභාපතිවරයා කීවේය. ඔහුට අනුව චීන සමාගමේ යන්ත්‍රොaපකරණ බාල ඒවා විය. මෙන්ම ඉදිකිරීම් සඳහා ඉංජිනේරු සංස්‌ථාව යොදා ගත් උපකරණ මුහුදුබඩ පරිසරයට නොගැලපෙන බව ද කියෑවිණි.

කාරණාව එය නොවේ. චීන්නු මෙම බාලබඩු චීනයෙන් හොර රහසේ හෝ බලෙන් ගෙනාවේ නැත. චීන සමාගමට මේ උපකරණ ගෙන්වීමට අවසර දී තිබුණේ ශ්‍රී ලංකාවේ බලධාරීන්ය. අශ්ලීල ගනුදෙනුq ගණනාවකට පසුව, අසුව දශකයේ සිට විලි ලා වදාගත් තාප විදුලි බලාගාරය රටට පෙනුණේ ගර්හිත අංගවිකල විකෘතියක්‌ ලෙසය.

දැන් අලුත් වටයකින් නොරොච්චෝලේ ගැන කතාවෙමින් ඇත. මේ තාප විදුලි බලාගාරය ගැන දැන් කතාකරන්නේ එය නිපදවුq චීන්නුන්ටම එය විකුණන්නට යනවා යෑයි කියනා ආරංචිය විමසා බලන්නටය.

නොරොච්චෝලේ ඇත්ත

ලක්‌විජය බලාගාරයේ මුල් අදියර දැන් නිමා වී හමාරය. ගර්හිත තත්ත්වයෙන් වුවද දැන් එය පිළිගත යුතුව තිබේ. චන්ද්‍රිකා රජය කාලයේදී ජපන් තාක්‌ෂණයට පයින් ගසා පසු අවස්‌ථාවක කළ මේ තෝරා ගැනීම දැන් බෝම්බ දමා විනාශ කළ නොහැකිය. මේ වනවිට චීන කණ්‌ඩායම්වල සහයකින් තොරව අපේ ඉංජිනේරුවරු බලාගාරයේ සියලු මෙහෙයුම් කටයුතු කරති. ඒ මාස කීපයක කාලය තුළ බරපතල බිඳවැටීම් බලාගාරය තුළ සිදුවී නැත. ඔවුනට අනුව වසර විස්‌සක චීන ණයත් ගෙවාගෙන බලාපොරොත්තු සහගත ලාභයකුත් සමග විදුලි ඒකකයක්‌ රුපියල් දහතුනකට ආසන්න මිලකට අලෙවි කරමින් මෙම බලාගාරය පවත්වාගත හැකිය.

එහෙත් මේ ගර්හිත බලාගාරය තුළ වුවද රටට මීට වඩා යමක්‌ ලබාගන්නට තිබුණු බව හිතෙන්නේ ණයට ගෙන හොරා කෑ නින්දිත ස්‌වරූපය එළිපිටම හෙළිදරව් වන විටය. ක්‌ෂේත්‍රයේ ප්‍රමාණිකයින් විසින් මේ ගසාකෑමේ ස්‌වරූපය සසඳන්නේ අදියර තුනකින් ඉදිවන බලාගාරයේ මුල් අදියරේ ඉදිකිරීම් වලට සාපේක්‌ෂවය. පළමු අදියරේ සිදුවූ නියත ගසාකෑම් සම්බන්ධව නිශ්චිත තක්‌සේරුවකින් තොරවය.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය නිර්මාණය වන්නේ මේ වනවිට රටේ දියත්වන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියක්‌ ලෙසය. එය දියත් වීමට සැලසුම් වන්නේ අදියර තුනකිනි. ගිවිසුම් ප්‍රකාරව සැලසුමේ මුල් අදියර යටතේ බලාගාරයෙන් නිපදවන ධාරිතාව මෙගාවොට්‌ තුන්සියයකි. වර්ෂ 2007 දී දියත්වන එම ව්‍යාපෘතියේ කටයුතු නිමා කිරීමට ගිවිසුම්ගත වන්නේ 2010.12.31 දිනටය. ඊට මාස දෙකකට පසු මුල් අදියරේ ඉදිකිරීම් නිමා වූයේය. එම මෙගාවොට්‌ තුන්සියයේ ධාරිතාව වේයන්ගොඩ ජාතික පද්ධතියට Rජුවම එක්‌විණි.

බලාගාරයේ දෙවන හා තෙවන අදියර සඳහා ගිවිසුම් මුල් අදියරේ ඉදිකිරීම් කරන අතරතුරදීම අත්සන් කෙරුණි. එය සිද්ධවන්නේ පුදුමාකාර හදිස්‌සියකිනි. ඒ අත්සන් කිරීම 2009 ජූනි මස 29 වැනිදා සිදුවිය. මෙම අදියර දෙකත් සමග බලාගාරයේ සමස්‌ත අපේක්‌ෂිත නිෂ්aපාදන ධාරිතාව මෙගාවොට්‌ නවසියයක්‌ විය. මේ සඳහා රජය චීනයේ එක්‌සීම් නමැති බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1350 ක ණයක්‌ ලබාගෙන තිබිණි. එම මුදල රුපියල් කෝටි දාහත් දහස්‌ පන්සිය පනහකි.

මේ දැවැන්ත ණය යටතේ දියත්වන ව්‍යාපෘතිය සම්බන්ධව එල්ලවුණ දූෂණ චෝදනාවන්හි ප්‍රමාණය විටෙක රටේ සවිඥනික මිනිසුන්ව කම්පනයට පත්කළේය. බලාගාරයෙන් ජනනය කරනා විදුලි ධාරිතාවේ ප්‍රමාණයේ සිට එහි මුල් අදියරේ කටයුතු සිද්ධවූ ආකාරය ක්‌ෂේත්‍රයේ ප්‍රාමාණිකයෝ බරපතල ලෙස ප්‍රශ්න කළහ. මෙම බලාගාරයේ ඉදිකිරීම් සිද්ධවන්නේ පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නොවන ආකාරයත්, එහි චීන බස කතා කරන, චීනට හුරු තාක්‌ෂණයක්‌ චීන්නුන් ස්‌වකීය අභිමතාර්ථ මත යොදා ගන්නා ආකාරයත්, ඊට මැදිහත් වීමට නොහැකි වීමත් පිළිබඳ ප්‍රාමාණිකයෝ විමසා සිටියහ. ඒ අතරතුර මේ බලාගාරයේ දෙවන අදියරේ දියත්වන වියදම් සම්බන්ධ පුදුම සහගත නොගැලපීම් ගැනද දැනුවත් පිරිස්‌ විසින් විමසීමට ලක්‌ කර තිබිණි.

ගිවිසුම් ප්‍රකාරව ලක්‌විජය බලාගාරයේ මුල් අදියර යටතේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට්‌ තුන්සියයක්‌ නිකුත් කළ යුතු විය. එහෙත් බලාගාරයේ මෙහෙයුම් කටයුතු සඳහා යොදවනා විදුලි ප්‍රමාණය අත්හැරෙනාවිට විදුලිබල පද්ධතියට නිකුත් වෙමින් තිබුණේ මෙගාවොට්‌ දෙසීය අසුපහක්‌ පමණි. මෙය සිද්ධවන්නට ඉඩ දුන්නේ කවුද කෙසේද යන්නත් දෙවන අදියරෙන් අනතුරුව අවසාන නිෂ්aaපාදන ධාරිතාව මෙගාවොට්‌ කීයද යන්නත් කිසිවෙක්‌ දැන සිටියේ නැත.

බලාගාරයට ඇවැසි ගල් අඟුරුවලට සම්බන්ධ මෙහෙයුම් කටයුතු සඳහා ජැටියක්‌ ඉදිකෙරිණි. එහිදී තෝරාගත් ඉදිකිරීම් විකල්පය නිසා සිද්ධවන රුපියල් කෝටි හැටපහක අතිරේක වියදම ගැන විටෙක විමසිණි. මෙම ජැටිය බලාගාරයේ දෙවන හා තුන්වන අදියරේ මෙගා වොට්‌ නවසියය නිපදවීමට ඇවැසි ගල් අඟුරු බෑම ගබඩා කිරීම ඇතුළු මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රමාණවත් දැයි ප්‍රශ්න කෙරිණි.

මුලිකව බලාගාරය ගල්අඟුරු තාප විදුලිය නිපදවන්න පොරොන්දු වන්නෙ 2010.12.31 සිටය. එහෙත් සියල්ල සැලසුම් සහිතව තිබියදී එහි වැඩ ඇරඹීම තවත් මාස දෙකකට වඩා වැඩි කාලයක්‌ ප්‍රමාද විණි. මෙම ප්‍රමාදය නිසා විදුලිබල මණ්‌ඩලයට ඉතා මිල අධික මිලකට ද්‍රව ඉන්ධන භාවිතයෙන් විදුලිය නිපදවන පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්නට සිදුවුණේaය. මේ පාඩුව පිළිබඳ චීන ආයතනයට චෝදනා කර ඒ මුදල් අය කරගැනීමට කිසිවෙක්‌ ඉදිරිපත් නොවුණි.

එමෙන්ම නියමිත ප්‍රමිතියකින් තොරව බලාගාරය ඉදිකෙරුණ බව ඔප්පුවන බි`දවැටීමක්‌ සිද්ධවුණේය. හදිසි බි`දවැටීමකදී විදුලිජනක රක්‌ෂා කරනා සම්මත ප්‍රමිතිගත විකල්ප නොතිබුණු බව පෙන්වමින් මුළු බලාගාරයේම කටයුතු ඇනහිටියේය. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක පන්සියය ඉක්‌මවා තිබූ ටර්බයින සහිත පරිශ්‍රය වෙත ඇතුළුවීමට එය සිසිලනය වන තෙක්‌ දින 22ක්‌ බලා සිටින්නට සිදුවිය. මේ කාලය ඇතුළතදී ද්‍රව ඉන්ධන ආශ්‍රයෙන් පුද්ගලික අංශය නිපදවනා විදුලිය ලබා ගන්නට විදුලිබල මණ්‌ඩලයට රුපියල් බිලියන දෙදහසක්‌ වැය වී තිබිණි. කළ හැකි දෙයක්‌ නොවීය. එය බලාගාරයේ ප්‍රමිතිය ප්‍රකට කළ එක්‌ සිද්ධියක්‌ පමණය.

ගිවිසුම් ප්‍රකාරව බලාගාරයේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා ඇස්‌තමේන්තුගත මුදල වූයේ රුපියල් කෝටි තුන්දහස්‌ නවසීයකි. එහෙත් මූලික යටිතල පහසුකම් වර්ධනය කර ගැනීමත් ඇතුළත් පළමු අදියරේ ඇස්‌තමේන්තුගත වියදම රුපියල් කෝටි පන්දහස්‌ නවසිය පහළොවක්‌ බව කියෑවිණි. සරල වටහා ගැනීමකට අනුව වුවද, මුල් ඉදිකිරීම කර වසර දෙකක්‌ තුනක්‌ ඇතුළත යටිතල පහසුකම් සහිත වටපිටාවක එවැනිම දෙවන ඉදිකිරීමක්‌ සඳහා මුල් ඉදිකිරීමේ මිල වැය වන්නේ නැත. ගිවිසුමට අනුව වුවද මුල් අදියරේ බලාගාරය ඉදිකිරීම සඳහා ඇස්‌තමේන්තු කර ඇත්තේ රුපියල් කෝටි තුන්දහස්‌ නවසීයකි. එහෙත් නොරොච්චෝල බලා ගාරයේ මෙගා වොට්‌ තුන්සියයක්‌ නිපදවන දෙවන අදියරේ දෙවන පියවර සඳහා වියදම ලෙස දල වශයෙන් රුපියල් කෝටි පන්දහස්‌ හත්සිය විස්‌සක්‌ ඉදිරිපත් කර තිබිණි. මේ මිල සාධාරණ ඉදිකිරීම් මිලට වඩා රුපියල් කෝටි එක්‌දහස්‌ අටසිය විස්‌සක්‌ වැඩි බව විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වත්හු පෙන්වා දුන්හ. මුල් ඉදිකිරීම සිදුකර වසර දෙකක්‌ හෝ තුනක්‌ ඇතුළත සිදුවන මුල් ඉදිකිරීමටම සමාන සම්ප්‍රේෂණ පද්ධති සැකසුම, බලාගාරයේ පද්ධති තුළිත කිරීම, සම්ප්‍රේෂණ රැහැන් ඇතිරීම ඇතුළු ක්‌ෂේත්‍රයේ කටයුතු සඳහා සිදුකළ තාර්කික නොවන වියදම දල වශයෙන් රුපියල් කෝටි දෙදහස්‌ එකසිය තිස්‌ පහක්‌ බව ඔවුහු කීහ. පෙන්වා දෙන පරිදි කදිම උදාහරණය සම්ප්‍රේෂණ රැහැන් ඇතිරීමය. වසර දෙකක්‌ තුනක්‌ ඇතුළත සිද්ධවන මේ රැහැන් ඇතිරීම සඳහා මුල් පියවරට වඩා දෙගුණයක මුදලක්‌ දෙවන පියවර වෙනුවෙන් ඇස්‌තමේන්තු වී තිබුණේය.

ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධව ද මේ ප්‍රශ්න කිරීම ඇතිවිය. දීර්ඝ ඉදිකිරීම් කාලයක්‌ සහිත මුල් පියවරේ ඉදිකිරීම් සඳහා සිදුකරන ප්‍රසම්පාදන මිලට සමාන මිලක්‌ වෙන වෙනම දෙවන අදියරේ දෙවන හා තුන්වන පියවරටද ඉදිරිපත් වී තිබිණි. එම මුදල රුපියල් කෝටි හාරසිය හැට අටකි. මුල් අදියරේ නිම කර තිබූ සේවක නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන්ද දෙවන අදියරේදී දල වශයෙන් කෝටි අනූ හතයි දශම පහක්‌ ඇස්‌තමේන්තු කර තිබෙන බව කියෑවිණි.

මේ සියලු ඉදිකිරීම් කරනුයේ ඉතා බාල තත්ත්වයෙන් බවත්, අඩු වියදමින් බවත් මේ ගැන දැන්විය යුතු සියලුම බලධාරීන් දැනුවත් කළත් ප්‍රතිඵල රහිත බවත් විදුලි ඉංජිනේරු සංගම් දක්‌වා ප්‍රකාශ කර තිබිණි. ඔවුන්ට අනුව බලාගාරයේ දෙවන අදියරේ ඉදිකිරීම්වල පමණක්‌ පෙනෙන්නට ඇති අතාර්කික වියදම්වල ප්‍රමාණය දල වශයෙන් රුපියල් කෝටි හාරදහස්‌ පන්සිය අනූ අටක්‌ වූයේය. චීනයට විකුණන්නට යන බව කියෑවුණේa චීනය හා එක්‌ව අපේ අය කරනු ලබනා මෙවැනි Ñජාතික ව්‍යාපෘතියකි.

චීනයට විකුණන කතාව

නොරොච්චෝල බලාගාරය විකිණීම පිළිබඳ වන කතාව මුලින්ම ඇතිවන්නේ මීට වසර කීපයකට පෙරය. හිටපු විදුලිබල හා බලශක්‌ති ඇමතිවරයා තමන් ඇමැති තනතුරේ සිටින තාක්‌ කල් බලාගාරය විකුණන්නට ඉඩ නොදෙන බව ඒ කාලයේදී කියා තිබුණේය. කෙලවරපිටිය හා නොරොච්චෝලේ බලාගාර වෙනම සමාගම් දෙකක්‌ ලෙස කොටස්‌ වෙළෙඳපලේ විකිණීමට භාණ්‌ඩාගාරය විටෙක යෝජනා කළේය. ණය මත ආරම්භ කළ මෙම බලාගාර දෙක පවත්වගෙන යැම රජයට පහසු බව කියෑවිණි.

කෙළවරපිටිය බලාගාරය ඉදිවන්නේ හොංකොං සහ ශැන්හයි බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි තුන්දහස්‌ අටසිය නවයක ණයකිනි. එම මුදල වියදමින් සියයට අසූපහක්‌ බවත් ඉතිරි සියයට පහළොව යෙදවෙන්නේ රජයෙනි. නොරොච්චෝලේ විදුලි බලාගාරය සඳහා වන රුපියල් කෝටි දාහත් දහස්‌ පන්සිය පනහක මුදල ණය මුදලක්‌ සේ ලබා ගන්නේ එක්‌සීම් නමැති බැංකුවෙනි. ඒ ස`දහා රුපියල් කෝටි දෙදහසකට ආසන්න මුදලක්‌ රජයද ආයෝජනය කළේය. ඉදිකිරීම් කටයුතු කළේ සී.එම්.සී.ඊ නමැති චීන සමාගමය. එම චීන සමාගමට බලාගාරයේ අයිතිය පැවරීම සම්බන්ධව සංවාදය රටේ ඇතිවන්නේ රටේ ගර්හිත ආර්ථීක පරිසරය පිළිබඳ අවබෝධයෙන් සිටි මිනිස්‌සුන්ට පෙනෙන්නට හිටපු විදුලිබල හා බලශක්‌ති ඇමති චම්පික රණවක අතාර්කිකව එම ඇමතිකමින් ඉවත් කිරීමත් සමගය. බලාගාරයේ යථා ස්‌වරූපය සම්බන්ධව බරපතල විවේචනයක්‌ කළ ලංකා විදුලිබල මණ්‌ඩලයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම ඇතුළු අධ්‍යක්‌ෂ මණ්‌ඩලය ඇමතිවරයා ඉවත්වන වන විට ඉවත් වීමත් සමගය. පවිත්‍රා වන්නිආරච්චිට එම අමාත්‍යංශය භාරදීම සමගමය. ඇය විසින් මේ ලියන මොහොත දක්‌වා පුරප්පාඩුව පැවතෙන විදුලි බල මණ්‌ඩලයේ සභාපති තනතුර ඇතුළු තනතුරු පිරවීමට කටයුතු නොකිරීමත් සමගය. රටේ ආර්ථීකය හා ආරක්‌ෂාව පිළිබඳ අතිශය සංවේදී ඉසව්වක්‌ චීනයේ කොම්පැණියකට විකිණීම වැනි බිහිසුණු නොකටයුත්තක්‌ සම්බන්ධ මෙවැනි සංවේදනත් සමග සමාජය මේ පිළිsබඳව සංවාදයක්‌ ඉපද වුයේය.

එහෙත් මේ වනවිට මේ බලාගාරය විකිණීමේ කතාව විදුලි බල හා බලශක්‌ති ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් ප්‍රතික්‌ෂේප කරන්නීය. ඇයට අනුව මෙවැනි ජාතික ආයතන විකිණීම රාජපක්‌ෂ රජයේ ප්‍රතිපත්තිය නොවේ. ඇය කියනා කතාවත් මේ සමග වේ.

අපට කියන්නට ඇත්තේ ඊට වඩා තරමක්‌ වෙනස්‌ කතාවකි. එනම් ජාතියක්‌ ලෙස අත්පත් කරගත යුතුව තිබූ උත්තුංග ප්‍රවේශයන් සමග පේව්මන්ට්‌ එකේ සිට ගනුදෙනු කරනා රටක නිරුවත යළිත් වරක්‌ නොරොච්චෝලේ තාප බලාගාරය හරහා ලෝකයට පෙන්වා ඇති බවය. මේ කතා ඇසෙන්නේ ඒ රටේ Ñජාතික ව්‍යාපෘතිවල සුපුරුදු පසුබිම් වාදනයන් ලෙසය. දැනට අපට සිද්ධවන්නේ ඒ මියුරු කතා අසමින් වෙනදේ බලාසිටින්නටය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all