Photobucket

Saturday, February 23, 2013

හයිද්‍රාබාද් බෝම්බ පිපිරුම ඉන්දීය අගමැති හෙළා දකී

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රාදේශ් ප්‍රාන්තයේ හයිද්‍රබාද් නුවර සිනමා ශාලාවක් හා බස් නැවතුම්පොලක් අසල පෙරේදා බෝම්බ දෙකක් පුපුරා යාමෙන් පුද්ගලයන් 20 දෙනකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
 
‍මෙය බියගුළු ක්‍රියාවක් බව පෙන්වාදෙන අගමැති මන් මෝහන් සිං ඊට වගකිවයුත්තන්ට දඬුවම් පමුණුවන බව කියා ඇත . පෙරේදා සවස් යාමයේ මේ බෝම්බ දෙක පුපුරා ඇත්තේ හයිද්‍රබාදයේ හින්දුන් බහුල කොටසකය. 

මෙහිදී 82 නෙකු තුවාල ලබා ඇති අතර ඉන් කීපදෙනකුගේ තත්ත්වය බරපතල බව සඳහන්ව තිබේ. ඉන්දිය ක්‍රිකට් සංචාරයක නිරත වීමට සිටින ඔස්ට්‍රෙලියානු කණ්ඩාය‍මේ ආරක්ෂාව පිළිබඳ බිය ජනිත වීමටද මේ සිද්ධිය හේතුවක් වි තිබේ. 

ඇසින්දුටු වන් පවසන්නේ නගරයේ වෙන්කටාඩ්‍රි සිනමාහලේ පිවිසුම් දොරටුවට යාර 15 ක් පමණ දුරකින් එක් බෝම්බයක් පුපුරා ගිය බව හා අනෙක ආසන්න බස් නැවතුම් පොලක් සමීපයේ පුපුරා ගිය බවය. තවද පළමු බෝම්බය පුපුරා ගියේ සිනමා දර්ශනයක් අවසානයේ ප්‍රේක්ෂකයින් ඉන් පිටතට පැමිනෙමින් සිටියදීය. පිටතට පැමිණි සමහරකු අසල පිහිටි අහාර වෙළෙඳ කුටි වලට යොමුව සිටියදී කන් බිහිරිකරවන හඬින්බෝම්බය පුපුරා ගොස් තිබිණ. 

බෝම්බ දෙකම පාපැදිවල අටවා තිබුනු බව පැවසේ. මේ සිද්ධියෙන් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතුවීම නිසා මාර්තු 2 දා පැවැත්වීමට නියමිතව ඇති ඉන්දිය ඔස්ට්‍රෙලියා ටෙස්ට් ක්‍රිකට් තරග වලට ඔස්ට්‍රෙලියානුවන් සහභාගිවිය යුතුද නැද්ද යන්න ගැන දැන් ඔවුන්ඉන්දීය බලධාරින් සමග සාකච්ඡා පවත්වන බවද පැවසී තිබේ. මේ දක්වාම බෝම්බ ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නැතත් එය ත්‍රස්ත ක්‍රියාවක් බව තහවුරු වී තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all