Photobucket

Friday, February 22, 2013

පාකිස්තානයේ ෂියා මුස්ලිම් විරෝධතා

පාකිස්තානයේ ෂියා මුස්ලිම්වරුන්ට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය 89 දෙනකුගේ දේහයන් මිහිදන් කිරීම පෙරේදා සිදුවුණේ ආගමික නිකායික ප්‍රචණ්ඩත්වය මැඬලීමට රජයට ‍අපොහසත්ව තිබිමට එරෙහි ව පැවති තෙදින විරෝධතාවකින් පසුය.

කුවෙට්ටා නගරයේ පැවති සමූහ අවමංගලෝත්සවයට 4000 කට වැඩි පිරිසක් එක්ව සිටි අතර නොසන්සුන් කාරී වාතාවරණයක් එහි පැවති බවත් සමහරකු රජයේ නිල රථවලට ගල්මුල් වලින් පහරදීම නිසා ආරක්ක අංශ වලට අහසට වෙඩි තැබීමට සිදුවු බවත් වාර්තා වී තිබේ. මෙහිදී කිසිවකුටත් හානියක් සිදුව නැත.

ඉකුත් සෙනසුරාදා ඇතිවූ බෝම්බ ප්‍රහාරය සති 5 කදී ෂියා මුස්ලිම්වරුන්ට එල්ලවූ දෙවන ප්‍රහාරය වන අතර ඉන් පැනනැගි විරෝධතා නිසා කරච්චි ලාහෝර් හා ඉස්ලාමාබාද් නගර ද අඩපණ වූබව පැවසී ඇත.

බෝම්බයෙන් මිය ගිය අය වෙනුවෙන් වීදිබට විරෝධතා කරුවන් මළසිරුරු මිහිදන් කිරීම පවා ප්‍රතික්ෂේප කර සිටි අතර ඔවුන්ගේ විරෝධතාව අවසන් කිරීමට පියවර ගැන්ම ගැන දහසක් පමණ දෙනා පපුවට ගසා ගනිමින් සිය නායයන් සමග බහින් බස් වනු දක්නට ලැබී තිබේ. ඔවුන් ඉල්ලා තිබුණේ කුවෙට්ටා පාලනය හමුදාවට බාරදෙන ලෙසය.

කෙසේවෙතත් ෂියා මුස්ලිම් නායකයන්ට රජයේ ඇමතිවරුන් විසින් දෙන ලද ප්‍රතිඥාවන්ට අනුව විරෝධතාව අවසන් කරමින් මළ සිරුරු මිහිදන්කිරීම පෙරේදා සිදුවිය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all