Photobucket

Saturday, February 23, 2013

පළාත් සභාපතිනියගේ පුතා පළාත් මන්ත්‍රිට ගහලා

නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රියන්ත පතිරණ මහතා පහරකෑමකට ලක්ව  (21) ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යවා ඇති බව ත්‍රිකුණාමලය මහ රෝහල් ආරංචි මාර්ග කියා සිටී. 

තමාට පහර දුන්නේ, නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියගේ පුතා ඇතුළු පිරිසක් බව පළාත් සභා මන්ත්‍රීවරයා පොලිසියට ප්‍රකාශ කර ඇත. ආන්කුලම ප්‍රදේශයේදී තමා ඇතුළු කණ්ඩායමක් ගමන් කරමින් සිටි වාහන නතර කොට ප්‍රියන්ත පතිරණ මන්ත්‍රිවරයා තමන්ට පහර දීමක් සිදු කළ බව කියමින් පළාත් සභා සභාපතිනියගේ පුත්‍රයාද එදිනම රාත්‍රී රෝහල් ගත වී ඇත. උප්පුවේලි පොලිසිය මේ සම්බන්ධයෙන් පරික්ෂණ මෙහෙයවයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all