Photobucket

Saturday, February 23, 2013

වේයන්ගොඩ රථවාහන නඩුවලින් ලක්ෂ 61කට වැඩි දඩ මුදලක්

‍ෙව්යන්ගොඩ පොලිසියේ රථවාහන අංශය මඟින් පසුගිය වසරේදී අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කළ රථවාහන වැරැදිකරුවන් 6574 දෙනකුගන් රු: හැට එක් ලක්ෂ විසිපන්දහස් හයසියයක මුදලක් දඩ වශයෙන් රජයට ලබාදී ඇත.

මින් වැඩිම දඩ මුදල් අයකරගෙන ඇත්තේ මත්පැන් පානය කොට වාහන පැදවූ අයගෙනි. නඩු සංඛ්‍යාව 250කි. අයකරගෙන ඇති දඩ මුදල රු: විසි එක් ලක්ෂ පනස් දහසකි. මාර්ග නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත පැවරූ නඩු සංඛ්‍යාව 2271ක් වන අතර අයකරගත් දඩ මුදල රු: දාහතර ලක්ෂ හතළිස් දහස් හත්සිය පනහකි.

අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම, රියැදුරු බලපත් රහිතව රිය පැදවීම යන වැරැදි සඳහා පැවරූ නඩු 4031කින් රු: විසිතුන් ලක්ෂ දහතුන් දහස් පන්සිය පනහක මුදලක් දඩ වශයෙන් අයකරගෙන ඇති බවද වේයන්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක සුසන්ත මහතා පැවැසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all