Photobucket

Sunday, February 24, 2013

ලක්‍ෂ 34 ක දත් 'හිරිවැටේ'

මෙරට ජනගහණයෙන් ලක්‍ෂ 34 ක්‌ පසුගිය වසරේදී දන්ත සංවේදීතාවට ලක්‌වී තිබෙන බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සිදු කළ සමීක්‍ෂණයකින් හෙළිවී තිබේ.

එම පිරිසෙන් සියයට 62 ක ප්‍රමාණයක්‌ එයට ප්‍රතිකාර නොකරන බවද එහිදී අනාවරණයවී ඇත.

වයස අවුරුදු 20 ත් 64 ත් අතර ගැහැණු පිරිමි දෙපක්‌ෂයම සහභාගි කරගනිමින් මෙරට සෑම ප්‍රදේශයක්‌ම ආවරණය වන අයුරින් ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය හා ග්ලැක්‌සෝ ස්‌මිත්ක්‌ලයින් සමාගම මෙම සමීක්‌ෂණය සිදු කරන ලදී.

එහිදී සොයාගත් දත්ත අනුව එම පිරිසෙන් 28% ක්‌ එනම් සංඛ්‍යාත්මකව මිලියන 3.4 ක්‌ පසුගිය වසරක කාලයේදී දන්ත සංවේදීතාවට ලක්‌ව තිබේ. මෙරට දන්ත සංවේදීතාවයෙන් පෙළෙන ජනතාවගෙන් 62% ක ප්‍රමාණයක්‌ එයට ප්‍රතිකාරයක්‌ නොකරන බවද මෙහිදී අනාවරණය කර ගන්නා ලදී.

ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක්‌ තම දන්ත සෞඛ්‍ය සඳහා යොමුකරන අවධානය ඉතාම අවම අගයක්‌ ගන්නා බව මෙම සමීක්‌ෂණයෙන් හෙළිවී ඇත. දන්ත සංවේදීතාව හෙවත් දත් හිරිවැටීමට නිවැරැදි පූර්ව ප්‍රතිකර්මයන් අනුගමනය නොකිරීම හේතුවෙන් ඉදිරියේදී මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැක.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all