Photobucket

Thursday, February 28, 2013

කොකු ගසා ගෙට විදුලිය ගත් ගනේගම අයකුට ලක්ෂ 1 1/2ක දඩ

වංචනික ලෙස විදුලිය ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු බද්දේගම මහේස්ත්‍රාත් මහින්ද පිනිදිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව වංචනිකව විදුලිය ලබාගෙන විදුලිබල මණ්ඩලයට සිදුකළ අලාභය වශයෙන් රුපියල් එක්ලක්ෂ විසිතුන් දහසක මුදලට අමතරව රුපියල් දස දහසක දඩයක් ද ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එසේ දඩ සහ වන්දි මුදල් ගෙවීමට සිදුවූයේ බද්දේගම ගනේගම පදිංචි අයෙකුටය. බද්දේගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු විපක්ෂනායක, වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ ගනේගම පිහිටි නිවසට කාලයක සිට විදුලි කණුවකින් කොකු ගසා විදුලිය ගන්නා බවට විදුලිබල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලයට දැනගැනීමට ලැබී ඇත. 

ඒ අනුව ඉකුත් (25) වන දින විදුලිබල මණ්ඩලයේ වැටලීම් ඒකකයේ නිලධාරීන් බද්දේගම පොලිසිය සමඟ නිවසට ගිය අවස්ථාවේ මන්ත්‍රීවරයා නිලධාරීන්ට බැනවැදී විදුලි වංචාව වෙනුවෙන් තමන් ළඟ සිටින ගෝලයකු ඉදිරිපත් කර තිබේ. ඉදිරිපත් කළ ගෝලයා අත්අඩංගුවට ගත් පොලිසිය සැකකරු  (26) දින මහේස්ත්‍රාත් මහින්ද පිනිදිය මහතා වෙත ඉදිරිපත් කළ පසු මේ වන්දිය සහ දඩය ගෙවීමට සිදුවිය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all