Photobucket

Sunday, February 24, 2013

චැනල් 04 නාලිකාවෙන් දිගටම 'අතේ රෝල්'

ශ්‍රී ලංකා හමුදාව අපකීර්තියට පත් කිරීමට චැනල් 04 නාලිකාව වසරින් වසර අලුත් ප්‍රවෘත්ති ගොතා ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්‌වැල්ල මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය'ට ප්‍රකාශ කළේය.

ආරක්‍ෂක මණ්‌ඩලය සෑම වසරකම රැස්‌වීමට ඔන්න මෙන්න කියා තිබියදී චැනල් 04 නාලිකාව ආරක්‍ෂක හමුදාවට එරෙහිව කොටි සංවිධානයට හිතවත්ව ප්‍රවෘත්තියක්‌ ගොතන බව කී කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ඉදිරි වසරේදී මෙම නාලිකාව ආරක්‍ෂක හමුදාව ප්‍රභාකරන්ගේ බිරිඳ ඝාතනය කළ බව කියමින් පරණ ප්‍රවෘත්තිය යළි ප්‍රසිද්ධ කිරීමට ඉඩ තිබෙන බව ද පැවැසීය.

චැනල් 04 නාලිකාවට සම්බන්ධ පුද්ගලයන් කීපදෙනෙකුම ශ්‍රී ලංකාවේ ගැවසෙන බව ද කී ඇමැතිවරයා මෙම පිරිස අතර සිංහල පුද්ගලයන් ද සිටිය හැකි බව ද සඳහන් කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all