Photobucket

Wednesday, January 16, 2013

මාලි ගැටුම තවත් අර්බුද වැලක ඇරඹුමක්

ප්‍රංශය ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ උණුසුම් වන මාලි අර්බුදය හේතුවෙන් අප්‍රිකා මහාද්වීපයේ අර්බුදකාරි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි විශ්වාස කෙරේ. 

මේ හේතුවෙන් ඉස්ලාම් සටන්කාමීන්ගෙන් ප්‍රතිප්‍රහාර එල්ල වීමටත් මානුෂික අර්බුදයක් හටගැනීමටත් ඉඩ ඇති බව වාර්තා වේ.

ඉස්ලාම් සටන්කාමීන් අල්ලාගෙන ඇති මාලි හී උතුරු ප්‍රදේශ, රජයට අත්පත් කරදීමේ වැඩපිළිවෙළට සහාය සැපයීමට 3,300කින් පමණ සමන්විත විදෙස් හමුදා එවීමට තවත් රටවල් සැලසුම් කර තිබේ.

මේ හේතුවෙන් එකී රටවලට ද ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ල වීමේ අනතුරක් පැන නැඟි ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

මාලි හි උතුරු දිග දියත් කර ඇති මෙහෙයුම නිසා සරණාගතයන් විශාල වශයෙන් පැමිණීම හේතුවෙන් දැනටමත් අර්බුදයට ලක්ව ඇති අසල්වාසී රටවලට තවදුරටත් දැඩි පීඩනයක් එල්ල වනු ඇත.

දැනටමත් අසල්වාසි බුර්කිනා ෆාසෝ, නයිජර් සහ මොරිටානියාවට සරණාගතයන් පලා ඒමට පටන් ගෙන ඇතැයි පැවැසේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all