Photobucket

Wednesday, January 16, 2013

ලබන 21 දා මැදියම් රාත්‍රි සිට දුම්රිය සේවක වර්ජනයක්‌

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ලබන 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 24 වැනි දින පෙරවරු 06 දක්‌වා පැය 56 ක අඛණ්‌ඩ වැඩවර්ජනයක නිරතවීමට දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

මේ තීරණය ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා වෙත (15 වැනිදා) දැනුම් දුන් බව දුම්රිය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩබ්ලිව්. එන්. ජානක ප්‍රනාන්දු මහතා "දිවයින" ට පැවසීය.

මෙම ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවට වෘත්තීය සමිති 9 ක්‌ අයත් වන අතර දුම්රිය රියෑදුරන්, පාලකවරුන්, තාක්‍ෂණ කළමනාකරුවන්, නියාමකයන්, ස්‌ථානාධිපතිවරුන්, විදුලි සංඥ, කම්හල් ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක සාමාජිකයන් ඊට ඇතුළත්ය.

කෙසේ වෙතත් මෙම වැඩවර්ජනය පිළිබඳව එම වෘත්තීය සමිති සමඟ ඉදිරි දිනකදී සාකච්ඡා කිරීමට ප්‍රවාහන ඇමැතිවරයා කටයුතු කරනු ඇතැයි එම සංගමය බලාපොරොත්තු වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all