- එක්‌සත් ජාතික පක්‍ෂය් ජ්‍යෙෂ්ඨ උප සභාපති
විපක්‍ෂයේ මතය පිළිබඳව ආණ්‌ඩුව තැකීමක් නොකරන බැවින් නව
අගවිනිසුරු පත්කර ගැනීම සඳහා (15 දා) පැවති
පාර්ලිමේන්තු සභාවට (කවුන්සිලයට) එක්‌සත් ජාතික පක්‍ෂය
සහභාගි නොවුqණු බව එක්‌සත් ජාතික පක්‍ෂය් ජ්‍යෙෂ්ඨ උප
සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා
"දිවයින" ට පැවසීය. මෙම පාර්ලිමේන්තු සභාවට සහභාගි වී
අදහස් ප්‍රකාශය පමණක් කළ හැකි බව ද එහෙත් ඒ පිළිබඳව රජයේ
පාර්ශ්වය එතරම් තැකීමක් නොකරන බව ද හෙතෙම කීය.
18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත වීමෙන්
පාර්ලිමේන්තු සභාවට ඇති බලතල සීමා වූ බවත් එබැවින් මෙම
සභාවට සහභාගි වී සිය තීරණය දැනුම් දුන්න ද ඉන් ඵලක් නොවන
බවත් ස්‌වාමිනාදන් මහතා සඳහන් කළේය.
මේ හේතු නිසා විපක්‍ෂය නියෝජනය කරනු ලබන විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ තමන් සහභාගි නොවූ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
විපක්‍ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු සභාව නියෝජනය කරනු ලබන විපක්‍ෂ නායකවරයා සහ සුළු ජාතීන් වෙනුවෙන් පත්කර ඇති ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට විරෝධය දැක්‌වීමක් ලෙස පාර්ලිමේන්තු සභාව සඳහා මෙතෙක් සහභාගි වී නොමැත.
මේ සම්බන්ධව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා නිකුත් කර ඇති නිවේදනයක මෙසේ සඳහන් වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව සහ පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග යටතේ නව අගවිනිසුරුවරයකු පත්කිරීමට ජනාධිපතිවරයාට නෛතික හා ව්‍යවස්‌ථානුකූල බලයක් නොමැති බව අවධාරණය කර සිටිමු.
18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නීති විරෝධී බව එක්‌සත් ජාතික පක්‍ෂය විසින් දිගින් දිගටම පෙන්වා දුන් අතර එම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ සිදු වන සියලුම කටයුතුවලට එක්‌සත් ජාතික පක්‍ෂය සහයෝගය නොදක්‌වන බව ද ප්‍රකාශ කර සිටිමු.
අධිකරණයේ ස්‌වාධීනත්වය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා විනිසුරුවරුන්ගේ සංගමය ගෙන එන ඕනෑම නෛතික තීරණයකට එක්‌සත් ජාතික පක්‍ෂය තම සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ද වැඩිදුරටත් සඳහන් කරමු.

0 comments:
Post a Comment