Photobucket

Wednesday, January 16, 2013

කටුනායක ගුවන් තොටුපොළ දෙවන අදියර කඩිනමින්

බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන අධියර ඉදිකිරිම් කටයුතු කඩිනමින් ආරම්භ කිරිමට පියවර ගැනේ.

දෙවන අධියර ඉදිකිරිම සඳහා අරමුදල් සැපයිමට ජයිකා ආයතනය එකඟ වී ඇති බවත් භාණ්ඩාගාරය රුපියල් මිලියන 100ක් ලබා දීමට එකඟ වී ඇත් බවත් දිනමිණට අදහස් දක්වමින් සිවිල් ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ සඳහා අවශ්‍ය පිරිවැය ඇස්තමේනතු සැකසීමෙන් අනතුරුව ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය තිරණය කෙරේ.

2009 වසාර් මානුෂීය මෙහෙයුමෙන් පසුව මගීන් මිලයන 4.2ක් හසුරුවා ඇති අතර 2011 වසරේ මගීන් මිලියන 6.4ක් දක්වා වර්ධනය වී ඇත. වසර දෙකක් තුළ මගීන් මිලියනයක් වර්ධනය වීම හේතුවෙන් ගුවන්තොටුපළ පරිශ්‍රය පුළුල් කිරිමේ අවශ්‍යතාවය හදුනාගෙන ඇති අතර වසර 2020 වන විට පැමිණෙන මගි ධාරිතාවය හදුනාගෙන පහසුකම් පුළුල් කෙරේ. 

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී බී ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් සිවිල් ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සාකච්ඡාවක් පැවැත්වු අතර අනාගත මගි අවශතා සපුරාලන පරිදි මෙන් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය රැකෙන පරිදි අදාළ ව්‍යාපෘති සැළසුමු කිරිමට කටයුතු යොදා ඇතැයි ඇමැති පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය. ‍දෙවන අධියර ඉදිකිරිම වසර 2015 වන විට අවසන් කිරිමට නියමිතය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all