අතිශයින්ම වඳවීයැමේ තර්ජනයට ලක්‌ව ඇති (මෙරට රතු දත්ත පොතේ
ඇතුළත්) මෙරටට ආවේනික ඉතා දුර්ලභ ගණයේ මිරිදිය කකුළු
විශේෂයක් හොර රහසේ අපනයනය කිරීමට සූදානම් කර තිබියදී රේගු
ජෛව විවිධත්ව, සංස්‌කෘතික හා ජාතික උරුමයන් ආරක්‍ෂා කිරීමේ
ඒකකය විසින් (14 දා) අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම දුර්ලභ ගණයේ මිරිදිය කකුළුවන් එකසිය විසිපස්‌දෙනෙක්, ජලය
සහිත පොලිතින් මලුවල බහා රෙජිෙµdaම් පෙට්‌ටිවල අහුරා මෙරට
ව්‍යාපාරිකයකු විසින් නෝර්වේ රටට යෑවීමට කටුනායක ගුවන් බඩු
ගම්මානය වෙත ගෙන ගොස් තිබියදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය
ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා
පැවැසීය.
පසුගිය වසරේ (2012) නිකුත් කළ අලුත්ම රතු දත්ත පොතේ වඳවීයැමේ තර්ජනයට ලක්‌ව ඇති අතිශය දුර්ලභ ගණයට වැටෙන කකුළු විශේෂයක් ලෙස මෙම මිරිදිය කකුළුවන් සටහන් කර ඇති බවද රේගු ජෛව විවිධත්ව, සංස්‌කෘතික හා ජාතික උරුමයන් ආරක්‍ෂා කිරීමේ අංශයේ අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර මහතා පැවැසීය.
විසිතුරු මසුන් අපනයනය කරන මුවාවෙන් විසිතුරු මසුන් බහාලූ රෙජිෙµdaම් පෙට්‌ටි අතර මෙම මිරිදිය කකුළුවන් ඇසුරූ පෙට්‌ටි තිබූ බව පැවසූ සමන්ත ගුණසේකර මහතා දුර්ලභ සත්වයින් එකතු කරන්නෙකුට මෙම මිරිදිය කකුළුවන් යෑවීමට සූදානම් කරන්නට ඇතැයි සැක කරන බවද කීවේය.
සහකාර රේගු අධිකාරී අසංක ප්‍රියදර්ශන මහතා විසින් මෙම කකුළුවන් අත්අඩංගුවට ගෙන තිබූ අතර, මේ පිළිබඳව රේගු අධ්‍යක්‍ෂ ඩී. විජය සිරිවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ පැවැත්වූ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර මහතා කකුළුවන් සත්වෝද්‍යානයට භාරදීමට පියවරගෙන සිද්ධියට සම්බන්ධ ව්‍යාපාරිකයාට දැඩි ලෙස අවවාද කර නිදහස් කර ඇත.

0 comments:
Post a Comment